Friday, March 29, 2019

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වෙච්ච දේ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයන් ලබද්දී ඊට නොදෙවෙනි පරාජයන් උරුමකර ගැනීමට මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමද අමතක කර නැහැ. සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක්දින හා පන්දුවාර 20 තරගාවලි ඔවුන් පරාජය වූයේ කිසිදු තරගයකදී තරගයක් ලබා නොදීම වීම කණගාටුවට කරුණක්. එක්දින තරග තුනේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. එය තවදුරටත් පන්දුවාර 20 තරගයන්හිදී ඔවුන් වර්ධනය කර ගැනීම කැපී පෙනෙනවා.
කෙසේ වෙතත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තා ක්‍රිකට් හෂාන් තිලකරත්නගේ බිරිද වන අප්සාරි තිලකරත්නට භාරදුන්නේ අඩබෙර ගසමින්. සිය රටේදී අන්ත පරාජයන් ලබාගැනීමට හේතුව පැහැදිලි කිරීමට ක්‍රිකට් බලධාරීන්ට රෙදි ඇදන් පැමිණිය නොහැකි වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර දෙකේදී කාන්තා ක්‍රිකට් සංවර්ධනය සදහා ගෙන ඇති පියවර පැහැදිලි කිරීමට කාලය එළඹ තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය හෝ මැදිහත්ව විනාශ වෙමින් යන කාන්තා ක්‍රිකට් රැක ගැනීමට වැඩ පිලිවලක් සකස් කළ යුතුයි. පසුගිය කාලයේද එවැනි දක්ෂතා හදුනා ගැනීමේ වැඩසටහන් සදහා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර තිබෙනවා. එය සුදු අලියෙක් වී හමාර බව මෙම තරගාවලියෙන් පැහැදිලි වී අවසන්. පන්දු යැවීම ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් කිසිදු පන්දුවාර 20 තරගයකදී කඩුලු 02 කට වඩා දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවූයේ නැහැ. පන්දුවාර 20 තරග වලදී පිතිකරණයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 108 සීමාව පසුකිරීමට නොහැකි වුණා. පවුල් පිටින් වැටුප් ලබා ගැනීම පමණක් නොව ක්‍රිකට් දියුණුව පිලිබදවද අවධානය යොමු කරන්නේනම් මෙරට ක්‍රිකට් ජය කෙහෙලි නංවනු ඇති.

No comments:

Post a Comment