ශම්මිගේ කර මතින් දූෂණයට එරහි සටන පරාජය කළ තිලංග එලියට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මි
සිල්වා මහතා පසුගියදා තේරී පත්වුණා. ඔහු නිලවරණයට පෙර පැවසුවේ තමන් හූනෙකු බවයි.
කිබුලා නැතත් තමන්ට ජයග්‍රහණය කළ හැකි බවයි එහිදී ඔහු කියා සිටියේ. එලෙසින්ම ජයන්ත
ධර්මදාස මහතා පරාජය කර ක්‍රීඩා සංගම් බහුතර මනාපය ලබා ගනිමින් ජයග්‍රහණය කරනු
ලැබුවේ ශම්මි නොව තිලංගම බවයි සියළුදෙනා පෙන්වා දුන්නේ. මෙවර නිලවරණයට හිටපු
සභාපති තිලංග සුමතිපාල මහතා ඉදිරිපත්වීමට නොහැකි වූයේ බුකී හිමිකරුවෙක් බව පවසමින්
හිටපු ලේකම් නිෂාන්ත රණතුංග මහතා ගෙනුකළ නඩුවක් හේතුවෙනුයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිලංග සුමතිපාල
මහතාගේ පාලන කාලය මෙරට දූෂිතම ක්‍රිකට් ක්‍රීඩා කළ කාලය බව පසුගියදා නිවේදනය කළා. ඒ
ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර ලොව දූෂිතම ක්‍රිකට් සහිත රට ශ්‍රී ලංකාව බව ප්‍රකාශයට
පත්කරමිනුයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සනත් ජයසූරියට වසර දෙකක තරග තහනමක්
පසුගියදා නියම කරනු ලැබුවේ දූෂණ මර්ධන ඒකකය සිදුකරන පරීක්ෂණයන්ට සහය නොදැක්වීමේ වරදටයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සහය වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා එලෙස තහනමට ලක්වන
මීලග ක්‍රීඩකයා බවට ඉගි පළව තිබෙනවා.
සියල්ල මෙසේ සිදුවද්දී ක්‍රිකට් ආයතනයේ නිලවරණය
පැවැත්වීම මාස 09 ක් ප්‍රමාද වුණා. එම කාලය තුල නිසි බලධාරියකු ක්‍රිකට් පරිපාලනය
සිදු කරනු ලැබුවා. එම කාලය තුල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට්
නිලවරණය පවත්වන ලෙස රතු නිවේදනයද දෙවරක් නිකුත් කළා. එම කාලයට අදාල ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලයේ මුදල් ගෙවීම ඔවුන් සිදුකරනු ලැබුවේ නැහැ.
පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා
රැස්වීම ඩුබායි නුවරදී පැවැත්වුණා. ඊට වතමන් සභාපති ශම්මි සිල්වා හා ලේකම් මොහාන්
ද සිල්වා යන මහත්වරුන් එක්වූයේ හිටපු සභාපති තිලංග සමතිපාල මහතා සමගින් බව ක්‍රිකට්
ආයතනය නිවේදනය කරනවා. එහිදී මෙරටට හිමිවිය යුතු රුපියල් බිලියන 02 ක් ශ්‍රී ලංකාවට
පරිත්‍යාග කළ බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. මෙම සාකච්ජාවට එක්වූ පිරිස දෙස
බැලූ විට තහවුරු වන්නේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා යලි මෙරට ක්‍රිකට් පාලනය
කිරීම ආරම්භ කර ඇති බවයි. දූෂණයෙන් මෙරට ක්‍රිකට් බේරා ගැනීමේ සටන පරාජය වූ බවත් එමගින්
සනාථ වනවා. ජයන්ත ධර්මදාස මහතා සභාපති සටනට ඉදිරිපත් වූයේ දූෂණයට එරහිව බව ප්‍රසිද්ධියේ
ප්‍රකාශ කරනු ලැබුවා. ඔහු පරාජය කරමින් පත්වූ ශම්මි කියා සිටියේ හැකිනම් හොරකම්
ඔප්පු කරන ලෙසයි. හොරකම ඔප්පු කිරීමට කරුණු සනාථ කිරීමට නොහැකිවීම යනු හොරකමක්
සිදු නොවූ බව කීමට හේතුවක් නොවෙයි.
No comments