• Breaking News

    හරීන්ගේ පාට මාරුවේ - වෝහාරික විගණනයත් අතුරුදන්


    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කථාවට අති දක්ෂ ඒ තරමට වැඩකට නැති තරුණ අමාත්‍යවරයෙක් බවට පත්ව ඇත. ක්‍රීඩාව භාර ගත් දින සිට විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ එය සිදුවූ බව පැවසිය යුතුය. ක්‍රිකට් ආයතනයේ පසුගිය ගිණුම් පිලිබද ආරම්භ කළ වෝහාරික විගණනය හරහා එය කැපී පෙනුන බව ඔබට මතක ඇති. පසුගිය ජනවාරි 28 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016 වසරේ ජනවාරි 31 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා වෝහාරික විගණනයක් සිදුකර සති දෙකකින් වාර්තාවක් ලබාගන්නා බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා පැවසූ බවයි. දින සති මාස ගතවෙමින් යනවා.
    පිලිගත් ක්‍රමයට අනුව නම් ජනවාරි 28 වැනිදා සිට සති දෙකක් යනු පෙබරවාරි 11 වැනිදායි. එහෙත් මේ වන විට එය ප්‍රකාශයට පත්ව මාස දෙකක්ද ගතව තිබෙනවා. එහෙත් මෙතෙක් එය සිදුව අවසන් නැහැ. මේ අතර වෝහාරික විගණනය භාර දී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ගිණුම් මීට පෙර විගණනය කළ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවටයි. මේ අනුව හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බවට එය පත්වනු ඇතැයි සැකයක් ඇතැයි අප පැවසුවා. මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකරන බව කියූ එම වෝහාරික විගණනය පිලිබද මුනිවත රැකීම පුදුමයට කරුණක් වී අවසන්.
    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනය සම්භන්ධයෙන් කටයුතු කළ ආකාරයට මේ වන විට කටයුතු නොකරන බව ඇතමුන් පවසනවා. බුකී සබදතා හේතුවෙන් ඉවතට විසිවූ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් භාර ගත් දිනයේ සිට මෙරට ක්‍රිකට් කඩා වැටීම යලි ආරම්භ වුණා. දකුණු අප්‍රිකාවේදී වාර්තාගත ටෙස්ට් ජයක් ලබාගත් ශ්‍රී ලංකාව එක්දින හා පන්දුවාර 20 තරග අන්ත පරාජයට ලක්වුණා. ඒ තිලංග ජාත්‍යන්තර ක්‍රිකට් භාර ගැනීමෙන් පසුවයි.
    හිටපු සභාපති තිලංගට එරහි නඩුව අධිකරණයේ මේ වන විටත් විභාග වනවා. ඉන් ඔහු පරාජයට පත්වනු ඇති බවයි නීති විශාරදයින් පෙන්වා දෙන්නේ. එසේ සිදුවුවහොත් මේ වන විට ක්‍රිකට් නාමිකව සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවට දැඩි බලපෑමක් එල්ලවනු ඇති. එය සිදුවීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බව සදහන්.
    කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ කල් කිරියාව බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න කිරීමට හේතුවී තිබෙනවා. කට තරම් වැඩ තිබුණා නම් ක්‍රිකට් ජයකෙහෙලි දිගින් දිගටම නැංවීමට ඉඩ තිබූ බව කිව යුතුයි. ඇමති හරීන් සල්ලවලින් වසා සියළු දූෂණ අක්‍රමිකතා වැලලීමට බලා සිටින පිරිසක් ක්‍රිකට් ආයතනයේ බලයට පැමිණීම හරහා මේ වන විට සිදුව ඇත්තේ කුමක්දැයි සිතාගත නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා.
    පෙර ලිපි

    No comments