අයි පී එල් හැරදා මාලිංග එන සැබෑ හේතුව
ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි
ඉන්දියන්ස් කණ්ඩායම නියෝජන කරන ලසිත් මාලිංග සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට
එක්වීම තහවුරු කර තිබෙනවා. ලබන 04 වැනිදා සිට 11 වැනිදා දක්වා ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩා පිටි දෙකකදී මෙම තරගාවලිය පැවැත්වෙනවා. එ් ලබන මැයි මස සිට පැවැත්වෙන ක්‍රිකට්
ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙනුයි.
කණ්ඩායම් 04 ක් තරග වදින මෙම තරගාවලියේ ගාල්ල
කණ්ඩායමේ නායකත්වය දරණ්නේ වත්මන් එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගයි. එහෙත්
ඔහු මේ වන විට ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටිනවා. දේශීය සුපිරි
පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා පැමිණීම හේතුවෙන් ලසිත් මාලිංගට ඉන්දීය ප්‍රිමිය
ලීග් ක්‍රිකට් තරගාවලියේ අවම වශයෙන් තරග 03 ක් අහිමි වනවා.
කෙසේ වෙතත් මෙම දේශීය තරගාවලියේදී දක්වන දක්ෂතා මත
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම හා නායකයා නම් කිරීම
සිදුකරනවා. මෙම තරගාවලියට ක්‍රීඩා නොකිරීම නායකත්වය මාලිංගට අහිමිවීමට හේතුවිය
හැකියි. ඒ මෙම තරගාවලියේදී ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න කැපී පෙනෙන දක්ෂතා දැක්වුව
හොත් ඔහුට නායකත්වය හිමිවනු ඇතැයි මේ වන විටත් මත පළවී තිබෙනවා. මෙලෙස එක්දින
නායකත්වය අවිනිෂ්චිතවීම මාලිංග ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය අතරතුර මෙරටට
පැමිනීමට හේතුවී ඇතැයි ඇතමුන් පවසනවා. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා
කිරීමට තීරණය කිරීම අප අගය කළ යුතුයි. ඔහුගේ නායකත්වයෙන් 2014 වසරේදී පන්දුවාර 20
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.
No comments