උපාලිට පින් පඩි ගෙවන ක්‍රිකට් ඒඩ්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක්
ලෙස ක්‍රිකට් ඒඩ් වැඩසටහන ආරම්භ කිරීම හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සිදුකළා.
ඉන් සිදුවූයේ ඔහුට නිලවරණයේදී ඡන්දය භාවත කළ ක්‍රීඩා සමාජ මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාගේ
හොද හිත දිනා ගැනීම සදහා වූ ව්‍යාපෘතියක් පමණයි. තිලංග සුමතිපාල මහතා ක්‍රිකට්
සභාපති ලෙස පත්වී මාස 02 ක් ගතවන විට ක්‍රිකට් ඒඩ් ආරම්භ වුණා.
මොරටුව කැටමරාන්ස් ක්‍රීඩා සමාජය ක්‍රිකට් නිලවරණයේදී
සභාපතිවීමට තිලංගට ඡන්දය භාවිත කිරීම හේතුවෙන් උපාලි සෙනවිරත්න මහතාට ක්‍රිකට් ඒඩ්
ව්‍යාපෘතිය භාර දුන්නා. ක්‍රිකට් ඒඩ් වැඩසටහන යටතේ නියෝජිතයින් පිරිසක් එංගලන්තයට
ගියේ විනෝද චාරිකාවක් ලෙසයි. එහිදී අය වැය පිලිබද ඇතිවූ තත්වයන් පිලිබද මෙතෙක්
කිසිදු වාර්තාවක් නැහැ.
මෙම සමාජ සත්කාරක වැඩසටහන යටතේ මීතොටමුල්ල කුණු
කන්ද කඩා වැටීමෙන් අසරණ වූ මිනිසුන්ගේ කදවුරු 10 කට රූපවාහිනී සවිකරනු ලැබුවා.
කෙත්තාරාමයේ තිබූ මෙම රූපවාහිනී යලි මේ වන විට කෙත්තාරාමයට ගෙනවිත් තිබෙනවා. එම මිනිසුන්
අනාථ වූ විට ඔවුන්ට තිබූ ප්‍රධාන ගැටළුව වූ රූපවාහිනී බැලීමට නොහැකිවීමේ ප්‍රශ්නය
එලෙස ක්‍රිකට් ආයතනය විසදනු ලැබුවා.
ක්‍රිකට් සභාපතිවීමට උපකාර කළ එවකට ක්‍රීඩා අමාත්‍ය
දයාසිරි ජයසේකර මහතාට අවස්ථා ගණනාවකදී මෙම ව්‍යාපෘතියෙන් උපකාර සිදුකරනු ලැබුවා. ගංවතුර
උවදුරකදී ගමටම වතුර හා බඩු බෙදාදීමට මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවුණා.
එලෙස මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස ඥාති සංග්‍රහය
සිදුකිරීම හේතුවෙන් උපාලි සෙනවිරත්න මහතාට
පසුගිය වසර දෙක පුරාම මාසිකව රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවනු ලබනවා. එමෙන්ම වයස හැට
පැනපු නිලධාරියෙක් වන ඔහු මෙම කාලය පුරා අය වැය ඉදිරිපත්කිරීමක් සිදුකර නැහැ. පින්
පඩි ලබන තවත් මෙවැනි නිලධාරීන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටිනවා. ඔවුන් පිලිබද
තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
අපේ වාර්තා කිරීම. ඔබේ විනිශ්චය !
No comments