• Breaking News

    බොරු වැපිරීමට ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇණ ගනී


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ ( 03 ) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරුන්ගේ හමුවට සභාපති ශම්මි සිල්වා / ලේකම් මොහාන් ද සිල්වා හා හිටපු සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන් එක්වූ බවයි. එම සාකච්ජාවලින් පසු මෙරටට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් ( ඇමරිකා ඩොලර් 11.5 ක් ) හිමිවූ බවත් එහි සදහන් වුණා. පසුගිය මාස 09 තුල මෙරටට හිමිවිය යුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මුදල් මෙලෙස ලබාදුන් බවයි එහි සදහන් වුනේ. සාමාන්‍යයෙන් ක්‍රිකට් ආයතනයක නිලවරණය නොපවත්වා අතුරු කමිටු හෝ නිසි බලධාරීන් කටයුතු කරන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුදල් ගෙවීමක් සිදුකරන්නේ නැහැ. මෙවර සිදුවූයේ එලෙස එකතු වූ මුදල් යලි ලබාදීමේ සාමාන්‍ය පිලිවෙතයි. එය අරුමයක් නොවේ.
    එහෙත් එය විශාල ජයග්‍රහණයක් බව පෙන්වීමට ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය කටයුතු කරනු ලැබුවේ මෙරට මාධ්‍ය ආයතනවල සිටින්නේ බූරුවන් බව සිතා විය යුතුයි. එහෙත් මාධ්‍යවේදීන් මේ පිලිබද සිදුකළ විමසීම්වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් ආයතනය යලි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
    පළමු නිවේදනයේ දැක්වෙන් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරුන්ගේ හමුවට එක්වූ බවයි. එහෙත් ඔහු ඩුබායි නුවරට ගොස් ඇතත් කිසිදු එවැනි සාකච්ජාවකට සහභාගී වී නැහැ. ඒ බුකී හිමිකරුවන්ට හෝ බුකී සබදතා ඇති අයවලුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීම් සදහා එක්විය නොහැකි බවට වන නීතියක් තිබීම හේතුවෙන්. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ඩුබායි නගරයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සමග ජායාරූපයක් ගෙන ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ජාවක් අතරතුර නොවන බවත් ඔවුන් තහවුරු කර තිබෙනවා.
    එම මාධ්‍ය නිවේදන දෙක මෙලෙස දැක්විය හැකියි. මෙරට ක්‍රීඩා මාධ්‍යවේදීන් මෝඩයන් ලෙස සිතා සිටින ක්‍රිකට් ආයතනයට හා එහි මාධ්‍ය ඒකකයට මතක් කළ යුත්තේ ඔබ එය සිතා සිටින්නේ කන්නාඩියක් ඉදිරියට ගොස් බවයි. පහත දැක්වෙන්නේ එම මාධ්‍ය නිවේදන දෙකයි.

    No comments