Wednesday, March 20, 2019

තිලංග ක්‍රිකට් වැනසූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක්


 
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීම ශ්‍රී ලංකාවට ගැටළුවක් වී තිබෙනවා. තරගාවලියට සුදුසුකම් ලබා ඇති අනෙකුත් රටවල් මේ වන විට සිදුකරන්නේ සිය කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සදහා නිල නොලත් මට්ටමින් පුහුණු තරග ලබාදීමයි. ශ්‍රී ලංකාවට මෙම ඉරණම අත්වූයේ බුකී අධිපති තිලංග සුමතිපාල මහතා ගෙනගිය දුර්වල පරිපාලනයේ වරදිනි. ඔහු ඉවත්වන්නේ මීට මාස 09 කට පෙර යලි ගොඩ නැගිය නොහැකි ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බිම දමමින්.
එම කාලය තුල ශ්‍රී ලංකාව ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අතර 09 වන ස්ථානය දක්වා ඇද වැටුණා. මුදලට තරග පාවාදීම් අතින් ලොව පළමු තැනට පත්වූයේ ඉතිහාසයේ පළමු වරටයි. එවන් හපන්කමක් සිදුකළ ඔහු ඉවත්වූයේ ක්‍රිකට් ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීම අර්බුදයක් බවට පත්කරමින්.
ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඇත්තේ දින 64 ක් පමණයි. එහෙත් නායකයෙක් හෝ කණ්ඩායම තෝරා ගැනීම අර්බුදයට ලක්ව ඇත්තේ කඩුලු රකින්නා පවා ස්ථිර නැති තත්වයක් හේතුවෙන්. ඉන් ගොඩ ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි පලාත් ක්‍රිකට් තරගාවලිය නමින් තරගාවලියක් හදුන්වා දී තිබෙනවා. කොළඹ / මහනුවර / ගාල්ල හා දඹුල්ල ලෙස ක්‍රීඩකයින් සංචිතගතකර තිබෙනවා. තරගාවලිය ලබන 04 වැනිදා ආරම්භ වන්නේ දඹුල්ල හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කේන්ද්‍ර කර ගනිමින්.
කෙසේ වෙතත් මෙම නම්කර ඇති කණ්ඩායම් දෙස බැලූ විට පෙනී යන්නේ තේරීම් කමිටුවට අවශ්‍යව ඇත්තේ කුසල් මෙන්ඩිස් කඩුලු රකින්නකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීම බවයි. කෙසේ වෙතත් ඔහු ක්‍රීඩා කරන ගාල්ල කණ්ඩායමට පමණක් ඔහු සමගින් කඩුලු රකින ක්‍රීඩකයින් 03 දෙනෙකු නම්කර තිබෙනවා. අනෙකුත් කණ්ඩායම් සදහා ඇත්තේ එක් කඩුලු එකින්නෙක් පමණක් වීම කැපී පෙනෙනවා.
මෙලෙස සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම පිලිබද විමසූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම තේරීම සදහා එය සැලසුම් කළ බවයි. මේ අනුව ඔවුන්ව බලයට ගෙන ආ තිලංග ක්‍රිකට් වැනසූ බව ඔවුන් පිලිගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සත්‍ය තේරුම් නොගැනීමට ක්‍රීඩා සමාජ බීරි අලියන් වීම කණගාටුවට කරුණක්.
( අපි වාර්තා කරමු ! තීරණය ඔබ සතුයි ) ( මඩ ගැසීමේ කිසිදු අරමුණක් අපගේ නැත )
තරගාවලියේ සියළු තොරතුරු පහතින්.

No comments:

Post a Comment