හතුරු එක්ක අසන්තගේ දීඝය
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික
හතුරුසිංහ හා තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් අතර සීතල යුද්ධයක් පැවතුනා. එය අකා
මකා දමමින් දෙදෙනා අතර දීඝයක් ඇති කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි
සිල්වා කටයුතු කර තිබෙනවා. එළබෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ
තවත් දින 67 ක් පමණයි. ශ්‍රී ලංකාව තරගාවලිය වෙනුවෙන් සැලසුම්
සකස් කරන්නේ මේ වන විටයි. පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔවුන් දෙදෙනා සමගින්
විශේෂ සාකච්ජාවක් පැවැත්වුණා. එහිදී මෙම කපුකම සිදුව ඇතැයි සදහන්.
වරසක වී සිටින නිලධාරීන් සමගි කිරීම ඉතා හොද කටයුත්තක්.
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ කටයුතු
කරද්දී කළමණාකරු ලෙස අසන්ත කටයුතු කිරීමේ එකගතාවට මෙම දීඝය සිදුව ඇතැයි සදහන්. ක්‍රිකට්
තරග මුදලට පාවාදීම පිලිබද සිදුකරන විමර්ශන හතුරුසිංහ කෙරෙහි අවධානය යොමුකර ඇත්තේ
මේ අතර වාරයේදී බවත් වාර්තා වනවා.
දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන
පන්දුවාර 20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුවේ වෙනසක් සිදුවනු ඇතැයි බොහෝ දෙනෙකු
බලාපොරොත්තු වුණා. එහෙත් කුසල් මෙන්ඩිස් එලියට දමා සුරංග ලක්මාල්ට අවස්ථාවක් ලබා
දී තිබෙනවා. මෙම තරගයට අවිශ්ක ප්‍රනාන්දු හා නිරෝෂන් දික්වැල්ල පමණයි පිතිකරුවන්
ලෙස එක්ව ඇත්තේ. පන්දු යවන්නන් 03 දෙනෙකු හා තුන් ඉරියව් ක්‍රීඩකයින් 06 දෙනෙකු යොදා
ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම තේරීම ඉතා දුර්වල බවයි ක්‍රිකට්
විචාරක මතය වී ඇත්තේ. ආරම්භක පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වෙද්දී තරගාවලියට
එක්වූ සදීර සමරවික්‍රමට කණ්ඩායමේ අවස්ථාවක් ලබා නොදීම කාගේත් කථාබහට ලක්ව තිබෙනවා.
කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල දිගින් දිගටම යොදා ගැනීමත් අරුමයක් බවයි ඔවුන් පවසන්නේ.
කවුරුන් කෙලෙස වෙනස් වුවද හිටපු සභාපති බුකී
තිලංගගෙන් ක්‍රිකට් බේරා ගන්නා තුරු ජයග්‍රහණ යනු ශ්‍රී ලංකාවට සිහිනයක් පමණයි.
තිලංග නොමැතිව ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී වාර්තා පිට වාර්තා
සමගින් ජය ගත් ශ්‍රී ලංකාව තිලංගට ජාත්‍යන්තර ක්‍රිකට් භාරදීමෙන් පසු පැවති එක්දින
හා පන්දුවාර විස්ස තරගාවලි අන්ත පරාජය වීම පුදුම විය යුතු නොවේද ? මේ පිලිබද බුකී
සබදතා ඔට්ටු ක්‍රියාත්මක වූ ආකාරය සමගින් පරීක්ෂණයක් පැවැත්වීම ක්‍රීඩා අමාත්‍යාංශය
සිදුකළ යුතු ක්‍රියාවලියක් නොවීමයි කණගාටුවට කරුණ.
අපේ වාර්තා කිරීම. ඔබේ විනිශ්චය !
No comments