• Breaking News

    දෙවන තරගයේදී ශ්‍රී ලංකාවෙන් එක්දින වරම් දිනා ගන්නා තරුව


    දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සමගින් දෙවන එක්දින ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස හෙට මෙරට වේලාවෙන් සවස 04 යි 30 ට සෙන්චූරියන්හිදී පැවැත්වෙනවා. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සහිතව පිවිසීමටයි තීරණය කර ඇත්තේ. ඒ පළමු එක්දින තරගයේ පන්දු යැවීමේදී සාර් ථකවීමට නොහැකි වූ ලක්ෂාන් සදකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් කැදවීමයි. පිතිකරණයේදී සදකැන් ලබාගත්තේ ලකුණු 03 ක් පමණයි. පන්දු යැවීමේදී පන්දුවාර 09 යි පන්දු 05 ක් ක්‍රියාත්මක කර ලකුණු 56 ක් ඔහු ලබා දුන්නා.
    මෙතෙක් කිසිදු එක්දින තරගයකට ක්‍රීඩා කර නැති කමිදු මෙන්ඩිස් 20 වන වියේ පසුවන යොවුන් ක්‍රීඩකයෙක්. අත් දෙකෙන්ම එකසේ පන්දු යැවීමට දස්කම් දක්වන ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක් පන්දුවාර 20 තරගයක් පමණයි. කමිදු ඉතා හොද තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. දකුණු අප්‍රිකා ආරාධිත ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පුහුණු එක්දින තරගයේදී පන්දුවෙන් හා පිත්තෙන් එකසේ දස්කම් දැක්වීමට ඔහු සමත්වුණා.
    විශ්ව ප්‍රනාන්දු / අකිල ධනංජය / දනංජය ද සිල්වා / කුසල් ජනිත් පෙරේරා / ඕෂද ප්‍රනාන්දු / කුසල් මෙන්ඩිස් / තිසර පෙරේරා / උපුල් තරංග / නිරෝෂන් දික්වැල්ල හා නායක ලසිත් මාලිංග මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති.

    No comments