හදිස්සිය හරහට හිටි ශ්‍රී ලංකා පරාජය
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින
ක්‍රිකට් තරගයෙන් කඩුලු 08 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම
සමත්වුණා. ජෙහැන්නස්බර්ග් නුවර පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට
දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක
පිතිකරුවන් දෙදෙනා මුළු ලකුණු 23 ක් ලෙස සටහන්ව තිබියදී දැවී ගියා. අනතුරුව පිටියේ
එක්වූ කුසල් ජනිත් පෙරේරා හා ඕෂද ප්‍රනාන්දු ඉනිම ගොඩ නැගීම ආරම්භ කළා. කුසල්
ලකුණු 33 ක් ලබා සිටියදී දැවී යද්දී කුසල් මෙන්ඩිස් පිටියේ ඕෂද සමගින් ක්‍රීඩා
කිරීම ආරම්භ කළා. ඕෂද ලකුණු 49 ක් ලබා සිටිදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. කුසල්
මෙන්ඩිස් ලකුණු 60 ක් ලබා ගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 39 ක් ඉනිමට එක්කළා.
කෙසේ වෙතත් අනතුරුව පිටියේ එක්වූ කිසිදු මැදපෙළ
පිතිකරුවෙක්ට හෝ පසුපෙළ පිතිකරුවෙක්ට සාර් ථක වීමට හැකිවූයේ නැහැ. මේ අනුව පන්දුවාර
38 ක් වෙද්දී ඉනිමේ අවසානය ආරම්භ වුවත් එය පන්දුවාර 47 ක් දක්වා ප්‍රමාද වුණා. ඒ
ලකුණු 231 ක් ලබා සිටියදී සියළු ක්‍රීඩකයින් කඩුලු පුජා කර අවසන්වයි.
පිලිතුරු ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකා
පිතිකරුවන් ලබාදුන් උඩ පන්දු කිහිපයක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී
ගියා. එය වාසියට හරවා ගනිමින් ඔවුන් පන්දුවාර 38 යි පන්දු 05 ක් අවසානයේ කඩුලු 02 ක්
දැවී ලකුණු 232 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. නායක ෆෆ් ඩු ප්ලෙසිස්
නොදැවී ලකුණු 112 ක් ඉනිමට එක්කළා. දෙරට අතර දෙවන එක්දින තරගය ලබන 06 වැනිදා
පැවැත්වීමට නියමිතයි.
No comments