• Breaking News

    නූලෙන් බේරුනේ - බීමත් දිමුත්ට පොලිස් ඇප


    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න බීමතින් ලෑන්ඩ් රෝවර් ( රතු පැහැති ) මෝටර් රථයෙන් හදිසි අනතුරක් සිදුකර පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ අලුයම 03 ට පමණ බොරැල්ල කිංසි පාර ආරම්භයේ මාර්ග සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන්. ඉදිරියෙන් පැමිණි කලු පැහැති ත්‍රිරෝද රථයක ගැටුනු ඔහුගේ රථය මාර්ගයෙන් ඉවතට විසිවී තිබෙනවා. මෙම අනතුරෙන් ත්‍රීරොද රථයේ රියදුරුගේ ඇගිල්ලකට සිදුවූ හානියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවට ඇතුලු කර තිබෙනවා.
    කෙසේ වෙතත් ත්‍රිරෝද රථයේ රියදුරුට විශාල හානියක් නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියා. මේ හේතුවෙන් බීමත් දිමුත් කරුණාරත්නට පොලිස් ඇප ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. ඒ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව බවත් වාර්තා වනවා. දකුණු අප්‍රිකාවට එරහිව ඉතිහාසගත ටෙස්ට් ක්‍රිකට් ජයක් වාර්තා කිරීමට නායකත්වය ලබාදුන් ඔහු එක්දින නායකත්වයට මාන බලමින් සිටියා.
    කෙසේ වෙතත් දිමුත් බීමත් වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට අයත් ක්‍රීඩා සමාජයක සමාජ ශාලාවක බව ඇතමුන් පවසනවා. ක්‍රිකට් සභාපතිවරයා මෙම රටබීම සහිත සාදය සංවිධාන කර ඇත්තේ දකුණු අප්‍රිකාවට එරහිව වාර්තා කළ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. බීමතින් දිමුත් මාර්ග සංඥා නොතකමින් මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේ රථය තුල මිතුරන් දෙදෙනෙක්ද සිටි බවයි වාර්තා වන්නේ.
    කෙසේ වෙතත් හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ක්‍රීඩා ආචාර ධර්ම කඩකිරීමක් සිදුව ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් සිදුකරන බවයි. දිමුත් ටෙස්ට් ක්‍රිකට් පිටියට පැමිණි මුල් අවධියේ ගාල්ලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරියක් සමග යහන්ගතවී මාට්ටු වූ බවට මාධ්‍ය වාර්තා පළ වුණා. ඒ එවක ප්‍රධාන පුහුණුකරුට පාන්දර හෝටලයට පැමිනීමේදීයි. මෙම ලේකම්වරියත් යහන්ගතවීමට සුප්‍රසිද්ධ තැනැත්තියක් බවත් එහිදී වාර්තා පළවුණා.

    No comments