මල තලමින් මුදල් ගැරූ සෙට් එක

හොද්ද බොර වෙනකම් බලන් සිටින පිරිස සතයක් නෑර
හූරන් කන්නේ කිසිවෙකුට ඉතිරි නොකරමිනුයි. ක්‍රීඩා පරිපාලනයට එන්න බලන් සිටින බොහෝ
පිරිස වැටෙන්නේ මේ ගනයටයි. ක්‍රීඩා පරිපාලනය පිරිසිදු කිරීමට කියා ක්‍රීඩා අමාත්‍යාංශය
යටතට ගත් බැඩ්මින්ටන් සංගමයේ මෙම ගැරිල්ල එතැන් සිට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්
සිදුකර ඇත්තේ කිසිදු හිරිකිතක් නැතුවය. 2017 වසරේ මාර් තු 24 වැනිදා ජාතික
බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පළමුවරට පැවැත්වීමට දින නියම වුණා. එම මසම ( මාර්තු
21 ) ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික බැඩ්මින්ටන් සංගමයට දැනුම් දුන්නේ පසුගිය වසරේ
ගිණුම් වාර්තා පළමුව ඉදිරිපත් කළ යුතු බවයි. විගණකාධිපති අනුමත ගිණුම් වාර්තා
නොමැතිව නිලවරණය පැවැත්වීම නීත්‍යානුකූන නොවන බව එහි සටහන් වුණා. ඒ වන විට 2011
වසරේ සිට විගණකාධිපති අනුමත ගිණුම් සංගමය සතුව තිබුනේ නැහැ. මෙම ලිපිය අනුව එම
සියළු වාර් තා එකවර ඉදිරිපත් කිරීම හේතුවෙන් විගණකාධිපති දැනුම් දුන්නේ නිලවරණය පැවැත්වීමට පෙර ගිණුම් විගණනය කර ලබා දිය නොහැකි
බවයි. මෙලෙස හොද්ද බොරවනු දැක නිලවරණය පවත්වන තුරු සංගමයේ පරිපාලන කටයුතු සිදු
කිරීමට නිසි බලධාරියා ලෙස එවක ක්‍රීඩා
අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා පත්කරනු ලැබුවා. ඒ 2017 වසරේ අප්‍රේල් 20
වනදායි. පසුව නිලවරණය 2017 වසරේ අගෝස්තු 31 වැනිදා පැවැත්වීමට දින නියම වුණා.
එහෙත් අභියාචනාධිකරණය එය නොපවත්වන ලෙස අතුරු තහනම් නියෝගයක් පැනවූවා. ඉන් උපරිම ප්‍රයෝජන
ගත් නිසි බලධාරියා වූ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂවරයා හිතවතුන්ට රජ දහනක් බවට බැඩ්මින්ටන්
පත්කළා.
විදෙස් තරග සංචාරයන් සදහා අනුමැතිය ලබා දීමෙන්
නොනැවතී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කර මතින් ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල වන්දනාවේද
ගියා. එහි ප්‍රතිඵලය වූයේ ක්‍රීඩා අමාත්‍යාංශය කිසිදු වග විභාගයකින් තොරව කීර්තිමත් ට්‍රැවල් ඒජන්සියක් බවට පත්වීමයි. ක්‍රීඩා අමාත්‍යාංශ මුදල් බියක් සැකක්
නැතුව වියදම් කරමින් රට සවාරි 17 ක් සදහා රුපියල් ලක්ෂ 248 ක් හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ
ජනරාල් වියදම් කර ඇත්තේ කිසිදු හිරිකිතක් නැතුවයි. ඌරන් කැකුණ තලන විට හබන්
කුකුලන්ට රජ මගුල් කියන කියමන සිහියට නැගෙන්නේ මෙම සවාරි ගැසූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
අති බහුතරය එකම පිරිසක් වීමත් සමගයි. මේ බව අනාවරණය වූ ආකාරයත් රටේ පවතින දේශපාලන
අස්ථාවරත්වයේ කැඩපත් ලෙස දැක්විය හැකිය. පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා පත්වූ
නිෂාන්ත ජයසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් බැඩ්මින්ටන් අතුරුකමිටුවෙන් ක්‍රීඩා
අමාත්‍යාංශය ලිඛිතව විමසා ඇත්තේ පසුගිය වසර සදහා ඔවුන් සිදුකර ඇති වියදම් ප්‍රතිඵලයක්
වී ඇත්ද කියායි. ක්‍රීඩා අමාත්‍යාංශය පමණක් නොව ජාතික ඔලිම්පික් කමිටුව ද තවත්
තරගාවලි සදහා වියදම් කර ඇතැයි වාර්ථා වනවා.
මේ අතර කුණු ගොඩට එකතු වන්නේ කුණුම බව තහවුරු
කරමින් ජාතික බැඩ්මින්ටන් අතුරුකමිටු සභාපතිවරයා ඒකාධිපති අත්තනෝමතික පාලනයක් ගෙන
යමින් සිටිනවා. ඔහු සමග කමිටුවට පත්කළ ක්ලැරන්ස් හෝමර් හා රොහාන්ද සිල්වා යන
මහත්වරුන් මාස තුනක් යාමටත් පෙර ඉල්ලා අස්වුණා. ඒ එම කාලය තුල රටේ ක්‍රීඩා නීතිය
කුණු කූඩයට දමමින් අතුරුකමිටු සභාපතිවරයා ජාතික ඔලිම්පික් කමිටුවේ උප භාණ්ඩාගාරික
ලෙස පත්වුණා. ඒ නිලවරණයක් නොමැතිව අතුරු කමිටු සදහා පත්වන පුද්ගලයින්ට ජාතික
ඔලිම්පික් කමිටුව නියෝජනය කළ නොහැකිය යන නීතිය අභියෝගයට ලක් කරමිනුයි. ඊට හයියක්
දුන්නේ කවුදැයි සෙවීමට කාලය පැමිණ තිබෙයි. මෙම පත්වීමට අවසර ලබා දුන් ජාතික
ඔලිම්පික් කමිටුවේ නිලවරණ කමිටුව අද ගොලු බීරන් ලෙස සිටීමේ ප්‍රතිඵලය ඉදිරියේදී
ඔවුන්ටද විදීමට නියතව සිදුවනු ඇති. කෙසේ වතත් මෙම පත්වීමෙන් පසුව ජාතික
බැඩ්මින්ටන් අතුරුකමිටුවෙන් හෝමර් හා රොහාන් ඉල්ලා අස්වූයේ මෙම ජාතික ඔලිම්පික්
කමිටුවට නිෂාන්ත පත්වීම හේතුවෙන් බවයි කතාව.
පසුව එම පුරප්පාඩු දෙක සදහා පසුගිය වසරේ අප්‍රේල්
12 වැනිදා මොහාන් විජේසිංහ හා හැලඹගේ වසන්තකුමාර පත් කෙරුණා. එහෙත් ඔවුන්
සභාපතිවරයාගේ පදයට නැටීමට සූදානම් වූයේ නැහැ. සියල්ලන්ගේ ඇසට වැලි ගසමින් හිටපු
බැඩ්මින්ටන් නිසි බලධාරියාගේ වැරදි කටයුතු ඉදිරියට සිදු කිරීමට වත්මන් අතුරුකමිටු
සභාපතිවරයා කැපවී සිටියි.
පසුගිය වසරේ අප්‍රේල් 24 වැනිදා සිට 29 දක්වා චීනයේ
පැවති ආසියා බැඩ්මින්ටන් ශූරතාවලිය සදහා සදහා ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු නම්
කලේ කිසිදු වග විභාගයක් නැතුවය. එහිදී අතුරු කමිටු සභාපති නිෂාන්ත ජයසිංහ සිය ගජ
මිතුරාට එම තනතුර ලබාදීමට කටයුුතු කළා. කුරුණෑගල දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයේ
ලේකම් හර්ෂ හියරපිටිය මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු වුණා. තරගාවලියේදී
රුපියල් ලක්ෂ 14 ක් වැයකර ඇතත් ඔහු තරගාවලිය සම්බන්ධයෙන් මෙතෙක් ජාතික සංගමයට වාර්ථාවක් ලබා දී නැති බවයි වාර්තා වන්නේ.
පසුගිය අතුරුකමිටු ලේකම් ලෙස කටයුතු කළ මොහාන්
විජේසිංහ අවස්ථා ගණනක කළමණාකරු වාර්තාව හා මුදල් වැයවූ ආකාරය විමසා ඇතැයි වාර්ථාවෙයි. එහෙත් මෙතෙක් ඊට පිලිතුරු ලබා දී නැතැයිද වාර්තා වනවා. එය සමගින් හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ
නිසි බලධාරියා ලෙස සිදුකර ඇති වියදම් ප්‍රතිඵල සහිත දැයි විමසා ලිපියක් එවා
තිබෙයි. මෙම ලිපියට ලබා දිය යුත්තේ කිසිදු වග විභාගයකින් තොරව වගකීම් විරහිතව මෙම
කටයුතු සිදුකර ඇති බව කියා වීම හේතුවෙන් ලේකම් ලෙස කටයුතු කළ මොහාන් විජේසිංහ හා
භාණ්ඩාගාරික මංගල ගමගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුකළා.
මෙම ලිපියෙන් කරුණු 08 ක් පෙන්වා දෙමින් සදහන් කර
ඇත්තේ සභාපතිවරයාගේ අක්‍රමිකවත් ක්‍රියා කළාපය අනුමත කළ නොහැකි නිසා ඉල්ලා අස්වන
බවයි. එමෙන්ම ජාත්‍යන්තර බැඩ්මින්ටන් අතුරුකිමිටුවට ඔවුන් දෙදෙනා පත්වීම දැනුම්
දෙන ලෙස පත්වූ දා සිට ඉල්ලීම් සිදුකලද ඉන් පළක් වී නැහැ. එමෙන්ම මේ වන විට ජතික
බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු අවසන් ව තිබෙයි. එහෙත්
ඊට අවශ්‍ය කටයුතු කිරීම අතුරුපාලක මණ්ඩල සභාපති නිෂාන්ත ජයසිංහ මහතා සිදු කරන්නේ
නැහැ. ඒ පෑදුනු ඉල්ලම වසා දැමීමට ඇති අකමැත්ත හේතුවෙන් බවයි බැඩ්මින්ටන් ප්‍රවීනයින්
පෙන්වා දෙන්නේ.
කිසිදු ජයග්‍රහණයක් ජාත්‍යන්තර මට්ටමේදී වාර් තා
කර නැති එක් ක්‍රීඩකයෙක් සදහා මාසිකව ඇමරිකා ඩොලර් 1500 බැගින් වසර ගණනක සිට ගෙවීම
සිදුවෙයි. එම ක්‍රීඩකයාගේ පියා බැඩ්මින්ටන් පරිපාලනයට බලපෑම් කළ හැකි අයෙකු වීම
හේතුවෙන් ඊට කිසිවෙක් අභියෝග කරන්නේ ද නැහැ. මෙම ගෙවීම සිදු කරන ජාතික ඔලිම්පික්
කමිටුව මේ වන විට වාර්ශිකව ඔලිම්පික් සොලිඩැරිටි වැඩසටහනින් මෙරට ක්‍රීඩකයින්
කොපමණ පිරිසකට කොපමණ මුදලක් කොපමණ කළක සිට ගෙවන්නේද යන්න රට හමුවේ තැබිය යුතු කාලය
පැමිණ අවසන්. එය මේ රටේ ක්‍රීඩාවේ යහපත සදහා වනු ඇති.
No comments