• Breaking News

    රෙද්ද පල්ලෙන් බේරෙන ක්‍රිකට් ප්‍රජාතාන්ත්‍රවාදය


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් ඊයේ ( 07 ) පවත්වා තිබෙනවා. එහිදී තීරණය වී ඇත්තේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහී මාවතට පිවිසෙන තුරු මාධ්‍ය මගහැරිය යුතු බවයි. මේ අනුව එම හමුවේදී සිදුවූ කිසිවක් මාධ්‍යවෙත මෙතෙක් නිකුත් කරනු ලැබුවේ නැහැ. කෙසේ වෙතත් මෙම හමුවේදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාලන කාලය පිලිබද සිදුකරන වෝහාරික විගණනය පිලිබදවයි. එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සාක්කුවට දමා ගැනීම සදහා බදුල්ලේ ක්‍රීඩා පිටි සංවර්ධනයට හෝ වින්සන්ට් ඩයස් පාපන්දු ක්‍රීඩා පිටිය විදුලි ආලෝකය සහිත ක්‍රීඩා පිටියක් බවට පත්කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබද සාකච්ජා වී ඇති බවයි ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු කියා සිටියේ.
    ක්‍රිකට් නිලවරණයේදී වැඩිම මනාපයෙන් පත්වූ උප සභාපති කේ මතිවානන් මහතා මෙම විධායක කමිටු රැස්වීමට එක්ව නැහැ. මෙතෙක් ඔහුට ක්‍රිකට් ආයතනයේ නිල කාමරයක් ලබා දී නැති අතර කිසිදු කටයුත්තකට එක්කර ගන්නේද නැතැයි වාර්තා වනවා. සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් විධායක කමිටුවට පත්වූ එකම පුද්ගලයා වන්නේද ඔහුයි.
    ක්‍රිකට් විධායක කමිටු රැස්වීම් රාත්‍රියේ පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඇස් පෙනීමක් නොමැති වේලාවේ හොර බොරු පහසුවෙන් කළ හැකි නිසා විය යුතු බවයි ඇතමුන්ගේ මතය වී ඇත්තේ. ක්‍රිකට් ආයතනය හඩ අවධිකරණ තුරු අප විමසිල්ලෙන්.

    No comments