වැඩ බැරි ටාසන්ලා එලවනවා - මාලිංග
දකුණු අප්‍රිකා කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙනවා. දිවා තරගයක් ලෙස ඩර්බන්හි
පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 01 යි 30 ට ආරම්භ වනවා. මෙම තරගයට ශ්‍රී ලංකා
කණ්ඩායම එක්වන්නේ වෙනස්කම් රැසක් සහිතවයි. නවක ක්‍රීඩකයින්ට මෙන්ම ජේෂඨ ක්‍රීඩකයින්ට
එකසේ අවස්ථාව ලබාදීම බලාපොරොත්තුව වී තිබෙනවා.
දෙරට අතර පැවති පළමු හා දෙවන එක්දින තරග ජය ගත්තේ
දකුණු අප්‍රිකා කණ්ඩායමයි. එම තරග දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වුණා.
වගකීමක් නොමැතිව කඩුල්ල පූජා කරන ආකාරයක් මෙම තරග දෙකේදීම ඔවුන් ප්‍රදර්ශනය කළා.
දෙවන එක්දින තරගයේදී ලකුණු 04 ක් තුල ඉනිමේ අවසන් කඩුලු 04 බිද වැටුණා. මේ අනුව
පසුපෙළ ක්‍රීඩකයින් තුන් ඉරියව් ක්‍රීඩකයින් වීම අත්‍යාවශ්‍ය වී තිබෙනවා.
ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසන්නේ පසුගිය තරග
දෙකේදීම වගකීමක් නොමැතිව ක්‍රීඩා කළ ක්‍රීඩකයින් මෙම තරගයට අවශ්‍ය නොවන බවයි.
වගකීමෙන් හා ඉවසීමෙන් ශතකය කරා ලගාවිය හැකි ක්‍රීඩකයින් පමණක් තමන්ට අවශ්‍ය බවයි
ඔහු පවසන්නේ. කෙසේ වෙතත් නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට්
කණ්ඩායම ඉතිහාසය වෙනස් කරමින් දකුණු අප්‍රිකාවට එරහිව එරටදීම පූර් ණ ටෙස්ට් තරගාවලි
ජයක් වාර්තා කළා.
No comments