දිනන්න ක්‍රිකට් ක්‍රීඩකයින් කළ යුතු දේ - Video
දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන එක්දින තරගයේදීත්
සුපුරුදු දුර්වල වගකීම් විරහිත ක්‍රීඩා විලාශය පෙන්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම
ලකුණු 113 කින් පරාජය වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා නායක
ලසිත් මාලිංගයි. එය වාසියක් කර ගනිමින් ප්‍රභල දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 45
යි එක් පන්දුවක් අවසානයේ සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 251 ක් පමණයි. මෙම
තණතීරුවේ ජයග්‍රහණය සදහා ලකුණු 275 ක සීමාව පසුකිරීම වාසිදායක වන බවට වූ විචාරක
මතයක් වුණා.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම ආරම්භ කරනු
ලැබුවේ කාසියේ වාසිය වාසියක් වූ බවට වූ පූර්ව නිගමනයත් සමගයි. එහෙත් ඉදිරිපෙළ
පිතිකරුවන් අසාර්ථක වෙද්දී පළමු කඩුලු 05 ම ලකුණු 92 ක් තුල දැවී ගියා. ඒ හතරවන හා
පස්වන කඩුල්ල ලකුණු පරතරයක් නොමැතිව දැවී යාමත් සමගයි.
එතැන් සිට කඩුලු පූජාව ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන්
අපරික්ෂාකාරී හා වගකීම් විරහිත භාවය තවදුරටත් ප්‍රදර්ශනය කළා. ඉනිමේ අවසන් කඩුලු
04 ම ලකුණු 04 ක් තුල දැවී ගියා. මේ අනුව පන්දුවාර 32 යි පන්දු 02 ක් අවසානයේ
සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 138 ක් පමණයි.
පරාජයෙන් අනතුරුව ලසිත් මාලිංග ක්‍රීඩකයින්ට ප්‍රසිද්ධියේ
බැණ වැදුනා. ඔහු කියා සිටියේ ඕනෑතරම් සැලසුම් සකස්කර දින සති ගණන් ඒවා සාකච්ජා කරමින්
කාලය කා දැමුවද ප්‍රතිඵලයක් නැති බවයි. නවක ක්‍රීඩකයින් ලකුණු අතරට නොපැමිණීම
මෙහිදී ඔහුගේ දෝශ දර්ශනයට ලක්වුණා. එම වීඩියෝව පහතින්.
No comments