නයිජීරියාවත් ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකට කිසිදා සුදුසුකම්
ලබා නැති නයිජීරියාව 2020 වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට
සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අප්‍රිකා සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ශූරතාව දිනා ගැනීම
හේතුවෙන්. නැම්බියාව / උගන්ඩාව / සියරා ලියෝන් / කෙන්යාව හා ටැන්සානියා කණ්ඩායම්
පිලිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ පහළට ඇද දමමින් මෙම දක්ෂතාව දැක්වීම කැපී පෙනෙනවා.
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් සම්පූර්ණ කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවීමේ සුදුසුකම් සම්පූර්ණ කිරීමක් වනවා. අංක 08 ශ්‍රේණිගත
කිරීම් අතර සිටි බංග්ලාදේශ කණ්ඩායම කෙටි කාලයකදී ඉදිරියට ගෙන එමින් පෙරලිකාර
කණ්ඩායමක් බවට පත්කිරීම හේතුවෙන් චන්දික හතුරුසිංහට එම අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය ලබාදුන්නා. මේ අනුව වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී
දක්ෂතා දැක්වීමට නයිජීරියා කණ්ඩායම සමත්වුවහොත් ලබන වසරේ පුරප්පාඩුවන මෙරට ක්‍රිකට්
ප්‍රධාන පුහුණුකරු තනතුර එම පුහුණුකරුට ලබාගැනීමට අවස්ථාව හිමිවනවා. තිලංග සිදුකලේ
එවන් ක්‍රිකට් සංවර්ධනයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. මේ හේතුවෙන් ආසියාවේ වැඩිම
වැටුපක් වූ මාසිකව ලක්ෂ 75 කට අධික මුදලක් ලබන ක්‍රිකට් පුහුණුකරුවෙක් බවට හතුරුසිංහට
පත්විය නොහැකිවනු ඇති.
No comments