ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලොව දූෂිතම ක්‍රිකට්
ඇත්තේ ශ්‍රී ලංකාවේ බව පසුගියදා නිවේදනය කළා. ඒ මෙරටින් දූෂිත නිලධාරීන් හා ක්‍රීඩකයින්
රැසක් හමුවීමත් සමගයි. හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය වසර දෙකක තහනමට ලක්වුනේ
මේ අනුවයි. දිල්හාර ලොකුහෙට්ටිගේට හා නුවන් සොයිසාට එරහිව පරීක්ෂණ සිදුවන බව ජාත්‍යන්තර
ක්‍රිකට් කවුන්සිලය මේ වන විට නිවේදනය කර අවසන්. ඊට අමතරව මෙරට බොහෝ ක්‍රීඩකයින්
හා නිලධාරීන් පිලිබද පරීක්ෂණ සිදුකරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය පවසනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන
ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසන්නේ මෙරට පොලීසිය සමග සමීප සබදතාවක් නොමැතිවීම සිදුකරන
පරීක්ෂණයන්ට බාධාවක් වී ඇති බවයි. එමෙන්ම මුදලට තරග පාවාදීම් වැලැක්වීමට කිසිදු
නීතියක් ඇත්තේද නැහැ. 2015 වසරේ මුදලට තරග පාවාදීම් වැලැක්වීමට පණත් කෙටුම්පත සකස්කළා.
එහෙත් මෙතෙක් එය නීතියක් බවට මෙරට තුල පත්ව නැහැ. ඒ මෙරට බුකී ව්‍යාපාරයේ ප්‍රධාන
ආයතනයේ හිමිකරුගේ සොයුරා වන තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායක වීමත් සමගයි.
ඇලෙක්ස් මාෂල් පවසන්නේ ඇතැම් රටවල් සමීප සබදතාවක්
පැවතියත් ශ්‍රී ලංකාව වැනි රටවල්ද ඇති බවයි. මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය සෑම රටකම ක්‍රියාත්මක ජාත්‍යන්තර පොලීසියේ සහය
ඉදිරියේදී ලබාගැනීමය කටයුතු කරන බවයි. එහි මුලික වටයේ සාකච්ජා කිහිපයක් මේ වන
විටත් ඔහු සිදුකර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මුදලට
තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන
බවයි. එම ප්‍රකාශය සිදුකර මේ වන විට මාස 04 ක් ගතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලොව දූෂිතම රට බවට පත්කළ එවක සභාපති තිලංග සුමතිපාල තම සොයුරාට මුදලට තරග පාවාදීම් සිදුවන ඔට්ටු තැබීමේ ව්‍යාපාරයේ මෙරට ප්‍රධානම බුකී හිමිකරුබව අධිකරණයේදී හා පාර්ලිමේන්තුවේදී පිලිගත්තා.
No comments:
Post a Comment