ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අර්බුද කිහිපයක් උඩුදුවා ඇතැයි සදහන්. උප සභාපති කේ මතිවානන් මහතා විධායක කමිටුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහුට කිසිදු වගකිවයුතු කාර්යයක් ලබා නොදීම හේතුවෙන්.
ක්‍රිකට් නිලවරණයේදී ජයග්‍රහණය කරනු ලැබුවේ හිටපු සභාපති බුකී තිලංග සුමතිපාල සහය
දැක්වූ පිරිසයි. ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වූ ජයන්ත ධර්මදාස නියෝජනය කරමින්
නිලවරණයේදී ජයග්‍රහණය කරනු ලැබුවේ කේ මතිවානන් පමණයි. මේ අනුව විධායක කමිටුවේ
කුඩම්මාගේ සැලකිලි ඔහුට ලැබෙමින් පවතිනවා.
උප සභාපතිවරයෙක් වන මතිවානන්ට ක්‍රිකට් ආයතනයේ
නිල කාමරයක්ද ඇත්තේ නැහැ. ක්‍රිකට් ආයතනයට පැමිණි විට අමුත්තන්ගේ කොටසේ රැදී
සිටීමටයි ඔහුට සිදුව ඇත්තේ. හිටපු සභාපති බුකී තිලංග පාලන කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට්
භාරව සිටි ඔහු චන්දික හතුරුසිංහ මෙරට ප්‍රධාන පුහුණුකරු කිරීමේ ප්‍රධාන මැදිහත්
පාර්ශ්වය වුණා. කොටන් ඇදීමට එවක සිට භාවිත වූ මතිවානන් මේ වන විට පැත්තකට දැමූ
අවලංගු කාසියකු වී අවසන් සදහන්.
මෙම අකටයුතු කම් පිලිබද ඔහු ක්‍රීඩා අමාත්‍ය හරීන්
ප්‍රනාන්දු දැනුවත් කර තිබෙනවා. එහෙත් එය බීරි අලින්ට වීනා වැයීමක් වී ඇතැයි
සදහන්. මේ අතර ශම්මි සිල්වා තමන්ට උඩින් කඩා වැටුනු සභාපති තනතුර රැක ගැනීම වෙනුවෙන්
සටනක නිතරව සිටිනවා. ලේකම් මොහාන් ද සිල්වා ඊට අකුල් හෙලීමට අමතරව වෙනම ගමනක් යාම සදහා
ක්‍රීඩා සමාජ සමග වෙනම ගණුදෙනු කිරීම අරබා තිබෙනවා. මෙම අර්බුදයන්ට පින් සිදුවන්නට
ක්‍රිකට් ආයතන සේවකයින් දෙවරක් වාර්ෂික ප්‍රසාද දීමනා ලබා ගෙන සතුටෙන් නව අවුරුදු
සමරමින් සිටිනවා.
No comments:
Post a Comment