• Breaking News

    මුදලට ක්‍රිකට් පාවාදුන් මෙරට පුහුණුකරුවන්


    ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණයෙන් කප් ගැසූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය වසරේ නිවේදනය කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා එහි සභාපති ලෙස කටයුතු කළ සමයේ ඊට පාර කැපූ බව පවසමින්. තම සොයුරා බුකී ව්‍යාපාරය මෙරට පවත්වාගෙන යන ප්‍රධානියා බව ඔහු පසුගියදා පිලිගත්තා. ක්‍රීඩා පනත අනුව සූදු ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධයක් ඇති අයට ක්‍රීඩා සංගම් තනතුරු දැරිය නොහැකියි. එහෙත් හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ පිහිටෙන් ඔහු ක්‍රිකට් සභාපති බවට පත්වුණා. මේ අනුව ශ්‍රී ලංකාව දූෂණයෙන් පිරුණු රටවල් අතර පළමු ස්ථානය දිනා ගත්තා.
    ඔහුගේ අනුගාමිකයා ලෙස ක්‍රිකට් සභාපතිවූ මපට් ශම්මි සිල්වා කොළඹ ක්‍රීඩා සමාජයක බාර් හිමිකරුවෙකි. මේ අනුව මුදලට තරග පාවාදුන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් හා නිලධාරීන් බේබද්දන්ද වෙමින් සිටිනවා. දකුණු අප්‍රිකාවට එරහිව එරටදීම ටෙස්ට් ක්‍රිකට් ජයක් ලබාගත් මෙරට කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න බීමතින් ගොස් රිය අනතුරක් සිදුකර ඇප මත නිදහස් වූ ක්‍රීඩකයෙක් බවට පසුගියදා පත්වුණා. එතැනින් ආරම්භ වී ක්‍රිකට් ක්‍රීඩකයින් බේබද්දන් වෙමින් සිටිනවා.
    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට දින 14 ක තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන හා මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ එකකය පනවා තිබෙනවා. මීට මාස 05 කට පෙර මෙම වරදටම එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයද ඔහුට තාවකාලික තරග තහනමක් පනවනු ලැබුවා. ඒ එරට පැවති පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදී ඇති බව පවසමින්. දැනට ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා.
    2018 වසරේදී අල් ජසීරා නාලිකාව වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරමින් මෙරට ක්‍රිකට් අන්ත දූෂිත බව පෙන්වා දුන්නා. එහිදී චෝදනාවට ලක්වූ එක් ක්‍රීඩකයෙක් ලෙස දිල්හාර හැදින්විය හැකියි. දිල්හාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන හා මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ එකකය සිදුකළ පරීක්ෂණයේදී මෙරට ක්‍රිකට් පුහුණුකරුවන් කිහිපදෙනෙකු මුදලට තරග පාවාදීමේ බුකීකරුවන් සමග සමීප සම්බන්ධයක් ඇති බව හෙලිව තිබෙනවා. ඒ පිලිබද වැඩිදුර විමර්ශන මේ දිනවල සිදුකරමින් ඇතැයි වාර්තා වනවා.
    ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කළ දැනට විස්තර විචාරක කටයුතු හා සම්බන්ධතා ඇති මෙරට පුහුණුකරුවකු මුදලට තරග පාවාදීම සදහා ක්‍රීඩකයින් පෙලබවීම් සිදුකරන බව වාර්තා වනවා. ඔහු දැනට තහනමට ලක්වූ හා පරීක්ෂණ සිදුවන ක්‍රීඩකයින් සමග සමීප සබදතාවක් තිබූ අයෙක් බව සදහන්. ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වූවා නම් මුදලට තරග පාවාදීම් වැලැක්වීමට කටයුතු කළ හැකි වනවා. එහෙත් ඔවුන් බීරි අලියෙක් මෙන් නෑසූ කන් ඇතිව සිටීම කාගේත් කථාබහට ලක්වූ කරුණක් වනවා. ඒ ක්‍රිකට් ආයතනය උඩ බලන් කෙල නොගැසීම හේතුවෙන් විය යුතුයි.
    මුදලට තරග පාවාදීමෙන් මෙරට ශූරතාව දිනා ගැනීම සදහා පාර කියූ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටිනවා. ඔවුන්ව අමතක කිරීම නොකළ යුතුයි. ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය හා වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසායි.

    No comments