එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී
ලංකා කණ්ඩායමේ නායකත්වය නිත්‍ය ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ලබාදීමට අවධානය යොමුව
තිබෙනවා. මේ අනුව දැනට එක්දින නායක ලසිත් මාලිංග කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පමණක් වනු
ඇති. එක්දින නායකයා ලෙස මාලිංග නායකත්වය ලබා දුන් අවසන් ජාත්‍යන්තර තරග 12 ම ශ්‍රී
ලංකාව පරාජය වුණා. ඒ අතරින් දකුණු අප්‍රිකාව සමග එරටදී පැවති එක්දින තරග 05 දීම ශ්‍රී
ලංකාව පරාජය වීම කැපී පෙනෙනවා. ඒ එම සංචාරයේ ටෙස්ට් තරග දෙක ජය ගනිමින් ඓතිහාසික
ජයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම
සමත්වුණා.
දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකාවේදී එරටට එරහිව ටෙස්ට්
ක්‍රිකට් ජයක් ලැබූ පළමු ආසියා රට බවට ශ්‍රී ලංකාව පත්කළා. එම ශ්‍රී ලංකා කණ්ඩායමේ
ටෙස්ට් තරග ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් දෙදෙනකෙු හා බොහෝ ක්‍රීඩකයින් නවකයින් වූ
පරිසරයකයි. එහෙත් අනතුරුව පැවති එක්දින හා පන්දුවාර 20 තරගාවලි ශ්‍රී ලංකාව පරාජය
වුණා. ඒ ලසිත් මාලිංගගේ නායකත්වය යටතේයි. මේ අනුව කණ්ඩායම එක් කිරීමේ හැකියාව ඇති
නායකයා දිමුත් බව පෙනී යනවා. මාලිංග ක්‍රීඩකයෙක් ලෙස අති දක්ෂ වුවත් නායකයෙක් ලෙස අසාර්ථක බව පෙනී යනවා.
මෙම කරුණු සැලකිල්ලට ගෙන අද පැවැත්වෙන තේරීම්
කමිටු විශේෂ රැස්වීමේදී නායකත්වය දිමුත්ට ලබාදීමට නියමිතයි. අනතුරුව ඔහු සමගින්
එක්ව ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය තෝරනු ඇති.
මෙම තත්වය තුල නායකත්වය නොමැතිව ලසිත් මාලිංග ශ්‍රී
ලංකාවට ක්‍රීඩා නොකරනු ඇතැයි බොහෝ දෙනෙකු පවසනවා. එහෙත් මාලිංගගේ ඉතිහාසය සලකා
බැලීමේදී එවැන්නක් සිදු නොවනු ඇති. නිරෝෂන් දික්වැල්ල වෙනුවට කණ්ඩායමේ කඩුලු රැකීමේ
වලකීම දිනේෂ් චන්දිමාල්ට හිමිවනු ඇති.
No comments:
Post a Comment