• Breaking News

    ක්‍රිකට් සභාපති ශම්මි හා ලේකම් මොහාන් එලිපිට ගැටෙයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් අද (01/04/2019) එලිදැක්වුණා. කොළඹ පැවති මෙම උත්සවය පැවැත්වුනේ ලේකම් මොහාන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. ඊට සභාපති ශම්මි සිල්වා නොපැමිණීම කැපී පෙනෙනවා. රුපියල් මිලියන 64 කට අධික මුදලක් වැයකර මෙම තරගාවලිය පවත්වන්නේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සදහායි. එවන් තීරණාත්මක ප්‍රධාන තරගාවලියේ නිල එලිදැක්වීමේ උත්සවය සභාපතිවරයා කර ඇරීම කැපී පෙනෙනවා. ඊට හේතුව Lanka Sports News වෙත වාර්තා වන්නේ මෙලෙසයි.
    ක්‍රිකට් සභාපතිවරයා හා ලේකම්වරයා අතර මත ගැටුමක් හා විරසකයක් පවතින බව අප පසුගිය මස 28 වැනිදා අනාවරණය කලා.
    එහි උච්ච තත්වයට පැමිණීම සනිටුහන් කරමිනුයි අද මාධ්‍ය හමුව වර්ජනය කිරීමට සභාපතිවරයා කටයුතු කර ඇත්තේ. මෙම මාධ්‍ය හමුව මග හැරීම සදහා සභාපතිවරයා බදුල්ලේ සංචාරයක් යොදාගෙන තිබෙනවා. එහිදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ බල ප්‍රදේශයේ ක්‍රිකට් භාණ්ඩ බෙදීමකට ඔහු එක්ව ඇතැයි සදහන්. ක්‍රීඩා අමාත්‍යවරයා පාට මාරුකර ඇතැයි අප පසුගිය 27 වැනිදා ඔබට කිව්වා මතක ඇති. ඊට හේතුව මෙම සංචාරයෙන් අනාවරණය වුණා.
    මේ අතර මාධ්‍ය හමුවේ ඉදිරිපස අසුන්ගැනීමට හා ප්‍රශ්න සදහා පිලිතුරු ලබාදීමට ආසන වෙන් කර තිබුනේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ලේකම් හා උප සභාපති රවීන් වික්‍රමරත්න සදහා අසුන් වෙන්වී තිබුනත් මෙම කණ්ඩායම් තේරීම සිදුකළ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතාට අසුන් ගැනීමට අසුනක් වෙන්කර තිබුනේ නැහැ. ඔහු මාධ්‍යවේදීන් අසුන් ගත් ස්ථානයට වී සිටියා.
    කණ්ඩායම් තේරීම සම්බන්ධයෙන් මතුවු ගැටළුවක් පිලිබද සිදුකළ ප්‍රශ්න කිරීමකදී ඊට පිලිතුරු ලබාදීමට තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා කටයුතු කලේ ඉදිරියට පැමිනෙමින්. තේරීම් කමිටු සභාපතිවරයා මෙලෙස අපහසුතාවට පත්කිරීම අනුමත කළ නොහැකි බවයි ඊට එක්ව සිටි ක්‍රීඩකයින් පැවසුවේ.
    මේ අතර ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකය කිසිදු වැඩකට නැති පින් පඩි ගෙවන තැනක් බව මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අනාවරණය වුණා. ඒ පිලිබද තවත් තොරතුරු ඉදිරියේදී Lanka Sports News ගෙනඒමට සූදානම්.
    මාධ්‍ය ඔස්තාර්ලාගේ SLC අම්බලම

    No comments