ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා
සංචිතයෙන් හිටපු නායක දිනේෂ් චන්දිමාල් එලියට විසිවීම පිලිබද බොහෝ දෙනෙකු කථාවනවා.
තේරීම් කමිටුව පවසන්නේ පිතිකරු ලයිස්තුවේ ස්ථානයක් ලබාදීමට නොහැකිවීම ඊට හේතුව
බවයි. එහෙත් සැබෑ හේතුව ඊට වෙනස්. ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ
හිත ගත් චන්දිමාල් සෑමවිටම ක්‍රියා කරන්නේ ඔහුගේ මතයට අනුවයි. වෙනත් නායකයකු යටතේ
ක්‍රීඩා කරන විට චන්දිමාල් කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා නොකරනු ඇති බවයි මතය වී
ඇත්තේ.
නිමාවූ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදී චන්දිමාල්
කොළඹ කණ්ඩායම මෙහෙයවීමේදී තේරීම් කමිටු මතයන්ට පිටුපා තිබෙනවා. එම තරගාවලියේදී
අනුශූරතාව දිනා ගත් ඔවුන් සෑම විටම ක්‍රීඩා කර ඇත්තේ ඔවුන්ට ඕනෑ ලෙසයි. එය
චන්දිමාල් සංචිතයෙන් දොට්ට විසිවීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා. එමෙන්ම නායකයා ලෙස
දිමුත් කරුණාරත්න තමන්ට අවශ්‍ය කණ්ඩායම ලෙස නම්කළ කණ්ඩායමටත් ඔහු ඇතුලත්ව නැහැ.
No comments:
Post a Comment