• Breaking News

    ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය අයාලේ යයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකය සුදු අලියෙක් බව අප අවස්ථා ගණනාවක පෙන්වා දුන්නා.  මාසිකව වැටුප් වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික මුදලක් එහි සේවකයින් සදහා ක්‍රිකට් ආයතනය වියදම් කරනවා. එහෙත් ඉන් සේවයක් සිදුවන්නේ නැති තරම්. ඒ බව දිගින් දිගටම ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න ඇතුළු නිලධාරීන්ට මාධ්‍යවේදීන් පවසා තිබෙනවා.
    එවන් වටපිටාවක සියල්ලන්ට හොර රහසේ ක්‍රීඩකයින් ඉවත්කිරීම් හා ආදේශ කිරීම් සිදුවනවා. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සදහා නම්කළ සංචිතයේ ක්‍රීඩයින් ගණනාවකට එය සිදුව තිබෙනවා. දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන බව මූලික සංචිතයට ඇතුලත්වූ අශේන් බණ්ඩාරට කණ්ඩායමේ ස්ථානය අහිමිවූයේ ඒ ආකාරයෙන්. මේ අතර දසුන් ශානක හා අසේල ගුණරත්න එලෙස ඉවතට විසිව ඇත්තේ මතුවූ ආබාධයක් හේතුවෙන්. ඔවුන් දෙදෙනාට එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියද මේ අනුව අහිමි වී තිබෙනවා.
    මෙම වෙනස්කම් සිදුකරන්නේ තේරීම් කමිටුවයි. ඔවුන්ට ඒ සදහා පුර්ණ බලය පවරා තිබෙනවා. එහෙත් ඔවුන් එය ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතුයි. එයද සිදුව තිබෙනවා. එහෙත් ඔවුන් එය මාධ්‍යවෙත දැනුම්දීමට පියවර ගෙන නැහැ. ඒ මාධ්‍ය ඒකකය පින් පඩි ගන්නා ස්ථානයක් බවට පත්ව තිබීම හේතුවෙන්. හිටපු ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු දිනේෂ් මාසිකව රුපියල් ලක්ෂ තුනකට අධික වැටුපක් ලබා ගන්නවා. එහෙත් ඔහු කිසිදු රාජකාරියක් සිදු නොකර පුටුව රත්කිරීම පමණක් සිදුකරනවා.
    මාධ්‍ය ඒකකයේ සහායිකාවක් ලෙස වැටුප් ගෙවන නීලූෂි සිදුකරන්නේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ දේශපාලන මාධ්‍ය හමු පිලිබද මාධ්‍ය ආයතන දැනුවත් කිරීමයි. ඇය ක්‍රිකට් ආයතනයට අදාල කිසිදු රාජකාරියක් සිදුකරන්නේ නැහැ. එහෙත් ඇයට මාසිකව රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ක්‍රිකට් ආයතනය ගෙවනු ලබනවා.
    මාධ්‍ය කළමණාකරු ප්‍රසන්න මාසිකව රුපියල් ලක්ෂ 04 කට ආසන්න වැටුපක් ලබා ගන්නවා. ඔහු සිදුකරන්නේ නිල වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ කණ්ඩායම් නම් ලැයිස්තුව මාධ්‍ය ආයතන වෙත එවීම පමණයි. ඔහු විසින් සිදුකරන කාර්යය යතුරු ලියන හෝ කාර් යාල කාර්ය සහයකයකුට පහසුවෙන් සිදුකළ හැකියි. එහෙන් දෙන දේ මෙහෙන් නිකුත් කිරීම පමණක් ඔහු සිදුකිරීම ඊට හේතුවයි. ඊට අමතරව ක්‍රිකට් ආයතනයේ කීර්තිනාමය ඉහළ නැංවීම සදහා හෝ වෙනත් ප්‍රවර්ධන කටයුතු සදහා කිසිවක් සිදු කරන්නේ නැහැ.

    No comments