Sunday, April 28, 2019

ක්‍රිකට් කණ්ඩායමට හොර වැඩක්



එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන සියළුම කණ්ඩායම් ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. මෙම පරික්ෂණය ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු කිරීමට නියමිතව තිබුනේ පසුගිය 20 වනදායි. ( 2019 04 20 ) එහෙත් හිටි හැටියේ එය සිදු නොකිරීමට කටයුතු කෙරුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගේ නියෝගයකට අනුවයි. එය අවලංගු කරන විට රට තුල කිසිදු ත්‍රස්ථ ක්‍රියාවක් හෝ කලබලයක් ඇතිව තිබුනේ නැහැ.
ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතා පරීක්ෂණය එලෙස අවලංගු කිරීමට හේතුව කිසිවෙක් දැන සිටියේ නැහැ. ශරීර යෝග්‍යතා පරීක්ෂණය සමත්විය නොහැකි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්වීම මෙලෙස අවලංගු වීමට හේතුවී තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා හා ඇන්ජලෝ මැතිව්ස් ඒ අතර වනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ශරීර යෝග්‍යතා පරීක්ෂණයට මුහුණදීමට සිදුව ඇත්තේ තරගාවලියට වඩාත් ආසන්න වෙද්දීයි. මේ වන විට අනෙකුත් සියළුම කණ්ඩායම් ( කණ්ඩායම් 9 ) සිය ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතා පරීක්ෂණ වාර්තා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබා දී අවසන්.

No comments:

Post a Comment