• Breaking News

    ක්‍රීඩා අරමුදල බංකොලොත් - හරීන් හිගමනට


    ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙත සලසන ක්‍රීඩා අරමුදලට ඇති ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ලොතරැයි මණ්ඩලයයි. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියේ මේ වන විට ක්‍රීඩා අරමුදලේ ඇත්තේ රුපියල් මිලියන දෙකක් පමණක් බවයි. එය කාලයකට පසු වාර්තා වූ අඩුම මුදල වනවා.
    ක්‍රීඩා අමාත්‍යාංශය මෙවන් තත්වයකට ඇද දැමුවේ ෆයිසර් මුස්තෆා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සිටි සමයේදීයි. මෙරට බිහිවූ අසාර්ථකම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසද ඔහු ඉතිහාසයට එක්ව තිබෙනවා. එහෙත් ක්‍රීඩා අරමුදලින් වැය කළ නොහැකි ව්‍යාපෘති සදහා ද මුදල් වැයකර ඇත්තේ කිසිදු වග විභාගයක් නොමැතිවයි. ක්‍රිකට් ආයතනය බංකොලොත් කරමින් ඇරඹි ඔහුගේ ගමන අවසන් වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ප්‍රවේශ පත්‍රද නොමිලේ සිය ඡන්ද දායකයන්ට පමණක් බොදීමෙන් පසුවයි.
    2015 වසරේදී ක්‍රීඩා අරමුදලේ රුපියල් 61,284,116.78 ක් වැයකර තිබෙනවා. රුපියල් 118,920,341.22 ක් 2016 වසරේදී වැය කරද්දී 2017 වසරේදී වැයකර ඇත්තේ රුපියල් 71,401,808.59 ක්. අම්මට සිරි ක්‍රීඩා අරමුදලේ මුදල් එලෙස වැය කරද්දී රිලවා හා ගිරවා සංවාද ක්‍රීඩකයින් සමගින් ඇතිකර ගත්තා‍.
    ඔහුගේ ඉවත්වීමත් සමගින් ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත්වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා පත්වන්නේ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවාසනාවටයි. ඉතිහාසයේ වැඩිම මුදලක් ක්‍රීඩා සංගම් සදහා හිතු මතේ බෙදා දීමට ඔහු කටයුතු කර ඇත්තේ වෙස්සන්තර ලෙසයි. රුපියල් ලක්ෂ 30 ක් එලෙස බෙදා දී තිබෙනවා. දියගම ක්‍රීඩා සංකීර් ණයේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 78 ක් වැයකර ඇත්තේ ක්‍රීඩා අරමුදලින්. ක්‍රීඩා අරමුදල පිහිටුවා ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභ සිද්ධිය සදහායි. ඉන් යටිතල පහසුකම් සම්පූර් ණ කිරීමට මුදල් වැය කිරීම අදාචාර විරෝධී ක්‍රියාවක්.
    පසුගිය වසරේ ක්‍රීඩා අරමුදලේ මුදල් ක්‍රීඩා පිටි සංවර්ධනය වෙනුවෙන් ඉවත් බවක් නැතුව වැය කර ඇති ෆයිසර් ක්‍රීඩාවේ යටිතල පහසුකම් වෙනුවෙන් අයවැය මගින් වෙන්වූ මුදල් ප්‍රයෝජනයට නොගෙන නැවත මහා භාණ්ඩාගාරයට හරවා යවා තිබෙනවා. එලෙස කටයුතු කර ඇති ඔහු ක්‍රීඩා අරමුදලේ මුදල් රුපියල් 98,472,155.10 ක් වැයකර ඇත්තේ වදුරාට දැලි පහියක් හසුවූ ලෙසයි.
    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ වන විට හිගමනට වැටී ඇති බවයි වාර්තා වන්නේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා සංගම් මුදල් ඉල්ලමින් පස්සෙන් එද්දී හරීන් මුදල් ඉල්ලමින් මුදල් අමාත්‍යාංශයට බඩගාමින් ඇතැයි සදහන්. හරීන්ගේ වැඩ හරි යැයි Lanka Sports News ඉක්මන් වන්නේ නැහැ. ක්‍රීඩා මාධ්‍යවේදීන් බල්ලට දමා ඇති ඔහු මාධ්‍ය පිච්චියකට මායිම් නොකරන මෙරට සිටින ප්‍රභලම අමාත්‍යවරයා නම් වී තිබෙනවා.

    පෙර ලිපි

    No comments