Sunday, April 21, 2019

නායකත්වය එක්ක දක්ෂතාත් අතුරුදන් වූ මාලිංග


ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේදී මෙන්ම සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදීත් ලසිත් මාලිංග කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා. එහෙත් ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයේ නායකත්වය ඔහුට හිමිවූයේ නැහැ. එතැන් සිට ඇතැම් සමාජ මාධ්‍යකරුවන් හා වෙබ් අඩවි පැවසුවේ ලසිත් ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා නොකර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි.
එම ප්‍රචාරයන් හමුවේ අප පැවසුවේ මාලිංගගේ පෙර කල් ක්‍රියාවන්ට අනුව එවැන්නක් සිදු නොවන බවයි. මාලිංග ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යනු ඇති බවත් අප පැවසුවා. එය මේ වන විට සත්‍යක් වී තිබෙනවා. ඔහුට අවශ්‍ය වූයේ බය කිරීමෙන් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීමට බව ඇතමුන් පවසනවා.
නායකත්වය අහිමි වීමෙන් පසු ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංගට සුපුරුදු දක්ෂතා දැක්වීමට නොහැකි වීම කැපී පෙනෙනවා. ඒ මුම්බායි කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වීමත් සමගයි. ප්‍රසාද ලකුණූ සටහනේ මුම්බායි ක්‍රීඩකයින් දෙවන තැන පසුවනවා. එහෙත් ඔවුන්ව පරාජය කළ රාජස්ථාන් කණ්ඩායම එහි රැදී සිටින්නේ 7 වන ස්ථානයේයි.
මාලිංගට නායකත්වය පැවති සමයේ මෙම තරගාවලියේ තරගයේ වීරයා සම්මානයන්ද දිනා ගනිමින් ඔහු සෑම තරගයකදීම කඩුලු දවා ගත්තා. එහෙත් නායකත්වය අහිමි වීමෙන් පසු පැවති මෙම තරගයේදී මාලිංග කිසිදු කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් වීම කැපී පෙනෙනවා.

No comments:

Post a Comment