Wednesday, April 17, 2019

නායකත්වය දිමුත්ට - බුකී තිලංගගේ විරෝදය


එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දිමුත් කරුණාරත්නට ලබා දී තිබෙනවා. නිමාවූ දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී පෙරලිකාර ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැදවාගෙන යාම ඊට හේතුවී වුණා. ඔහුට නායකත්වය හිමිවන බව ඊයේ සියල්ලන්ට පෙර නිවරදිවම අප අනාවරණය කළා.
පෙර ලිපිය
මේ අතර නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබා දෙන්නැයි හිටපු සභාපති බුකී තිලංග බලපෑම් කර ඇතැයි වාර්තා වනවා. ජාත්‍යන්තර ක්‍රිකට් භාර අනුකමිටු සභාපති ලෙස ඔහු මෙම බලපෑම ඔහු සිදුකර ඇතැයි සදහන්. කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටුව පවසා ඇත්තේ නායකත්වය දිමුත් කරුණාරත්නට ලබාදිය යුතු බවයි. එහෙත් බීමතින් ගොස් සිදුකළ රිය අනතුර හා ක්‍රිකට් ආයතනය දඩ පැනවීම හුවා දක්වමින් ඊට බුකී තිලංග විරෝධය පළ කර ඇතැයි සදහන්.
මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඇන්ජලෝ මැතිව්ස් පිලිබද පරීක්ෂණ පැවැත්වුවා. ඉන් පුර්ණ නිදහස ලබා දුන් බව මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර නැහැ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණ ගණනාවක් මේ වන විටත් සිදුකරනවා. ඉන් වරදකරු වූ හිටපු ක්‍රීඩකයින් තුන්දෙනෙකුට දඩුවම් නියමකර අවසන්.
මෙරට වැඩිම බුකී හිමිකරුගේ සහෝදරයා වන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ගජ මිතුරෙක්. ඔහුගේ පාලන කාලයේ නායකත්වය දැරූ ඇන්ජලෝ ක්‍රීඩා කර තිබුනේ ආබාධ සගවමින්. එමෙන්ම ඔහු ක්‍රීඩා කරන විට පිතිකරුවෙක් ලෙස සාර්ථක වූයේ ඔහු පමණයි. වැඩිම දුවද්දී දැවීයාම් ගණනකට දායක වී ඇති ඇන්ජලෝ බුකීකරුවන්ට අවශ්‍ය ලෙස ක්‍රීඩා කළ බවට චෝදනාවක් පවතිනවා.
ක්‍රිකට් ලෝක කුසලානයට යන කණ්ඩායම තෝරා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ලතවෙනවා. මේ අතර ක්‍රීඩකයින්ට යෝග්‍යතා පරීක්ෂණය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. කණ්ඩායම තේරීමද අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පවත්වන බව තේරීම් කමිටුව පවසනවා.
The National Selectors today appointed Dimuth Karunaratne as the ODI Captain of the Sri Lankan team.
He will lead the team during the ICC Cricket World Cup 2019.

Karunaratne’s appointment was ratified by the Minister of Telecommunications, Foreign Employment and Sports Honorable Harin Fernando.

No comments:

Post a Comment