හරීන් දෙහි කපමින් අගමැතිට යැවූ ලිපිය
බල්ලාගේ වැඩේ බූරුවා කිරීම වත්මන් ආන්ඩුවේ ප්‍රතිඵත්තියක්
වී තිබෙනවා. මහ කකුළුවා ඇදේට යමින් පැටවුන්ට කෙලින් යාමට කියා දී පලක් නොවීම හේතුවෙන්
මෙම තත්වය මතුව ඇතැයි සදහන්. 2015 වසරේ බලයට පැමිණි වත්මන් ආන්ඩුව මෙරට ක්‍රීඩාව
අගාධයට ඇද යන්නේ මෙම තත්වයට අනුගත වෙමිනුයි. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දයාසිරි සල්ලි
විසිකර පදක්කම් ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු කිරීම සිදුවුණා.
එහෙත් ඔහුගෙන් පුරප්පාඩු වූ ක්‍රීඩා ඇමතිකම භාර ගත් ෆයිසර් හොද සියල්ල ආපසු
හරවමින් ක්‍රීඩාව වලට ඇදන් යාම සීග්‍ර වුණා.
ඔහුගෙන් එය භාර ගෙන ඇති ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
කථාවට නම් රුසියෙක්. එහෙත් කළ වැඩක් තවමත් නැත. කටින් බතල සිටවන ඔහුට හොරා අගමැති
රනිල් වික්‍රමසිංහ ක්‍රීඩාවට අතපෙවීමට පසුගිය වසරේදී ආරම්භ කළා. ඒ සිය සමනල්
මිතුරන් අතර සිටි යටිකූට්ටු මිතුරකු හා එක්වයි.
පසුගිය වසරේ අගෝස්තු 07 වැනිදා ‘අග්‍රාමාත්‍ය
ක්‍රීඩා අරමුදල’ නමින් නව අරමුදලක් බිහිකරනු ලැබුවා. ඒ ජාතික
ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුභ්‍රමනියම් මහතා සමගින් එක්වයි. එදින ඊට රුපියල්
මිලියන 50 ක් අග්‍රාමාත්‍යවරයා ලබා දුන්නා. එදා සිට අද දක්වා මාස 08 ක් ගතවී ඇතත්
ඉන් සිදුවූ කිසිවක් නැහැ. මෙලෙස රුපියල් මිලිනය 50 ක් පැත්තකට දමා ඇත්තේ ක්‍රීඩක
ක්‍රීඩිකාවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට හා ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප් නැංවීම වෙනුවෙන්
ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇති ක්‍රීඩා අරමුදල බංකොලොත් වී ඇති අවස්තාවක වීම කණගාටුවට
කරුණක්.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් වෙනුවෙන් මුදල්
නොලැබෙන කාලයක ‘අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල’
ට තවත් රුපියල් මිලියන 100 ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. ක්‍රීඩාවට මෙතරම්
ඇල්මක් දක්වන්නේ නම් අගමැතිවරයා සිදුකළ යුතු වන්නේ ක්‍රීඩා විශයත් තමන් යටතේ තබා
ගැනීමයි. එය සිදු නොකර අටුව කඩා පුටුව හැදීමට ඔහු උත්සාහ කිරීම අරුමයක් වනවා.
ක්‍රීඩාවට කුමන හෝ ආකාරයකින් මුදල් ලැබෙන බව
පවසමින් නහඩවීමට Lanka Sports
News සූදානම් නැත්තේ
මේ සූදු කෙලින්නේ ජනතාව මත පැනවූ බදු මුදලින් වීම හේතුවෙනුයි. අගමැතිවරයා තමන් සතු
මුදල් සමනල සංද්වනියේ හිතවතුන්ට බෙදන්නේ නම් අපට කමක් නැත. එහෙත් මේ රජය අපේ සීනි
ඇටේ සිට විවිධ ක්‍රම මගින් අයකර ගන්නා මුදල් බව අමතක කළ නොහැකියි.
ක්‍රීඩා අමාත්‍යාංශය පසකට දමා ජාතික ඔලිම්පික්
කමිටුව මෙම අරමුදලට මුල්වී සිටිනවා. ඒ මුදල් අක්‍රමිකතා ගිවිසුම් චෝදනා ඇති ජාතික
ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුභ්‍රමනියම් හා එහි ලේකම් මැක්වෙල්ද සිල්වායි.
මැක්ස්වෙල්ට 2009 වසරේ සිට ගතවූ වසරට දහයටම චෝදනා ඇති පදම් තිබෙනවා. පසුගිය වසරේ
ජාතික ඔලිම්පික් කමිටුවට වෝහාරික විගණනයක් සිදුකරන ලෙස ඉල්ලීම් ගණනාවක් ක්‍රීඩා
අමාත්‍යාංශයට යෙමු වුණා. එහෙත් බීරි අලියෙක් වූ අමාත්‍යාංශය මෙතෙක් ඒ සම්බන්ධයෙන්
කිසිදු පියවරක් ගෙන නැහැ. ඉතින් මේ‘අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල’
පරිස්සමට තිබූ දේ ඈලියාවට ගියාමෙන් නොවනු ඇතැයි කාට නම් කිව හැකිද ? මෙලෙසම ඉතා ගුණ
යහපත් බව පාර්ලිමේන්තුවේදීම හඩ නගමින් ගෙන්වා ගත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන්
ඇලෝසියස් මහබැංකුවම සුද්ද කළ ඉතිහාසයක් අපට තිබෙනවා.
මෙම කරුණු දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
මෙවර අයවැයෙන් ‘අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල’ ට යෝජිත රුපියල් මිලියන 100 නිදහස් නොකරන ලෙස
ඉල්ලමින් මුදල් ඇමතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් පෙන්වා දී ඇත්තේ
හිගන්නාගේ පාත්තරේට හෙනහුරා ඇදවැටුනාක් මෙන් නොවී මෙම මුදල් ක්‍රීඩා අරමුදලට
ලබාදෙන ලෙසයි. එය සිදුනොවුන හොත් ක්‍රීඩා අමාත්‍යවරයා සිය ක්‍රීඩා ඇමතිකම අතහැරිය
යුතු වනවා.
No comments