යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් මහරූෆ් යටතට
ශ්‍රී ලංකා වයස 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ
කළමණාකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර් වේස් මහරුෆ් පත්කර තිබෙනවා. පාකිස්ථාන වයස
19 න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් මෙම පත්කිරීම
සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ශ්‍රී ලංකාවේදී මෙම තරගාවලිය
මෙම මස අග සිට මැයි මස දක්වා පැවැත්වෙනවා. පත්කිරීම පිලිිබද තමන් සතුටුවන බව
ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින ජාතික කණ්ඩායම් නියෝජනය කර
ඇති ඔහු කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජිකයකුද වනවා.
No comments