දේශප්‍රේමී මාලිංග යලි ඉන්දියාවට
සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය
සදහා සුදුසුකම් ලබා ගැනීමට ලසිත් මාලිංග නායකත්වය ලබාදෙන ගාල්ල කණ්ඩායම හා දිනේෂ්
චන්දිමාල්ගේ කොළඹ කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ මූලික වටයේ අවසන් තරග අද
පැවැත්වුණා. එහෙත් කොළඹ කණ්ඩායම සමග පැවති එම තරගයට ගාල්ල කණ්ඩායමේ නායක ලසිත්
මාලිංග එක්වූයේ නැහැ. ඒ ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි
ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වීම සදහා ඔහු දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන්.
අවසන් මහා තරගයට පෙර කෙළඹ කණ්ඩායම සමග පැවති අවසන්
මහා තරගය වූ අද තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුලු
09 ක් දැවී ලකුණු 258 ක් ලබා ගත්තා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ
පැවති මෙම තරගයට ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ලහිරු තිරිමාන්නයි.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දුවාර 07 යි එක් පන්දුවක් අවසානයේ
කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 55 ක් ලබා සිටියදී වර්ශාව හේතුවෙන් තරගය අතහැර
දැමීමට සිදුවුණා. ලසිත් මාලිංග නොමැති අඩුව කැපී නෙනෙන ලෙස දිස්වුණා.
ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව
ඇති මාලිංග කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමග ලබන 10 වැනිදා පැවැත්වෙන මූලික වටයේ
තරගය සදහා එක්වනවා. මේ අනුව සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මාලිංගට
අහිමිව ගියේ ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් පමණක් වනු ඇති.
සුුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 11 වැනිදා දඹුල්ලේදී පැවැත්වෙනවා.
එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා
කණ්ඩායම තෝරා ගන්නේ සුපිරි පළාත් තරගාවලියේ දක්ෂතා අනුවයි. මේ අනුව මාලිංග එහි
නායකත්වය මේ වන විටත් වෙන්කර අවසන්. කෙසේ වෙතත් මාලිංග පවසන්නේ සුපිරි පළාත් ක්‍රිකට්
තරගාවලියේදී නවක පිතිකරුවන් කිසිවෙක්ට සාර්ථකවීමට නොහැකි වූ බවයි. ශ්‍රී ලංකාව
පිතිකරුවන් හිග රටක් බවට පත්වෙමින් ඇතැයිද ඔහු කියා සිටියා. මේ අනුව එළඹෙන ක්‍රිකට්
ලෝක කුසලාන තරගාවලියේදී මෙරට පිතිකරුවන්ගේ අසාර්ථක වීම කැපී පෙනෙනු ඇති.
ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය අතරතුර සුපිරි
පළාත් ක්‍රිකට් තරගාවලියට මාලිංග එක්වූයේ ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය බේරා
ගැනීම සදහායි. මේ පිලිබද අප සියල්ලන්ට පෙර වාර්තා කළ ආකාරය ඔබට මතක ඇති.
පෙර
ලිපිය.
No comments