මාලිංගව දොට්ට දාපු හේතුව මෙන්න
තවත් දින 43 කින් ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලාන
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයෙන් මාලිංගව ඉවත් කිරීමට හේතුව තේරීම්
කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා අද පැහැදිලි කළා. මාලිංග තනියෙන් දිව්වත් සෙසු
දහදෙනා පසුපසින් නොපැමිනෙන බවයි ඔහු කියා සිටියේ. ක්‍රීඩකයෙක් හා නායකයකු ලෙස
ඔහුගේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් වැඩිදුරටත් පැවසුවා. ක්‍රීඩකයින් බහුතරය සහය
නොදැක්වීම ලසිත් මාලිංගට නායකත්වය අහිමිවීමට හේතුවී තිබෙනවා.
කෙසේ වෙතත් නිමාවූ දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට්
තරගාවලියේදී දිමුත් කරුණාරත්න කණ්ඩායම එක්කර ගනිමින් තමන්ට ජයග්‍රහණය වෙත යාමට
හැකියාව ඇතැයි ඔප්පු කළා. එය 2015 වසරින් පසු එක්දින පිටියට පිවිසි දිමුත්ට නායකයා
ලෙස යලිත් එය සිදුකළ හැකි බවයි තේරීම් කමිටුවේ අදහස වී ඇත්තේ. දිමුත් පවසන්නේ තමන්
කණ්ඩායමේ ක්‍රීඩකයින්ට උපරිම නිදහස ලබාදීමට පියවර ගන්නා බවයි.
ලසිත් නායකත්වයෙන් ඉවත් කළද ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමේ
ක්‍රීඩා කිරීමේ තීරණය ලබාගැනීමට නියමිත බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ
සභාපති ශම්මි සිල්වා කියා සිටියේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මාලිංගට ආරාධනා කරන
බවයි. ඔහු එය ඉටුකරාවිද මුදල් හා කීර්තිය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත්දැයි අනිද්දා
වන විට දැනගත හැකි වනු ඇති.
No comments