ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමක් චීනයේදී අනාථවෙලා
ආසියා බැඩ්මින්ටන් ශූරතාවලියට ගිය මෙරට ක්‍රීඩක
ක්‍රීඩිකාවන් පිරිසක් චීනයේ යන එන මං නැතිවී සිටිනවා. මෙම තරගාවලියට ශ්‍රී
ලංකාවෙන් ක්‍රීඩකයින් තුන් දෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු එක්වුණා. ඒ පුහුණුකරුවෙක්
හෝ වෙනත් කිසිදු නිලධාරියෙක් නොමැතිවයි. ජාතික බැඩ්මින්ටන් අතුරු කමිටුවේ සභාපති
නිෂාන්ත ජයසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ආධාරයෙන් මෙම කණ්ඩායම පිටත්කර ඇත්තේ කිසිදු
වගකීමකින් තොරවයි.
නිලූක කරුණාරත්න / දිනූක කරුණාරත්න / සචින් ඩයස්
ක්‍රීඩකයින් ලෙස ඊට එක්වුණා. ක්‍රීඩිකාවන් ලෙස එක්වුනේ තිලිණි හැන්දහේවා හා කවිදි
ඉෂන්දිකා. ඔවුන් ඊයේ ( 2019 04 26 වැනිදා ) යලි දිවයිනට පැමිණීමට නියමිතව සිටියා.
එහෙත් මෙරට පවතින ත්‍රස්ථවාදී නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් ඔවුන් පැමිණීමට
නියමිතවූ ගුවන්යානය චීනයේ සිට පැමිණ නැහැ. එම ගුවන් යානය හෙට දිනයේදී ( 2019 04 28
) පැමිණෙන බවයි දැනට දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් ක්‍රීඩකයින් තුන් දෙනාට හා ක්‍රීඩිකාවට
ලැගුම් ගැනීමට ස්ථානයක් හා ආහාර කිසිවක් නොමැතිව ඔවුන් එරට අතරමං වී සිටින බවයි
වාර්තා වන්නේ.
අතුරුකමිටු සභාපති නිෂාන්ත ගිය වසරේ ජනවාරි 8
වැනිදා සිට බැඩ්මින්ටන් අතුරුකමිටු සභාපති ලෙස කටයුතු කරනවා. අභියාචනාධිකරණය 2019
මාර් තු 20 වැනිදාට පෙර නිලවරණය පවත්වන ලෙස මීට පෙර නියෝග කළා. එහෙත් එම නියෝගය
නොතකමින් ඔහු තවමත් අතුරු කමිටු සභාපති ලෙස රැදී සිටින්නේ නිලවරණය කිසිදු හේතුවක්
නොමැතිව පවත්වන්නේ නැති වීම කැපී පෙනෙනවා. මේ අතර පසුගිය වසරේ සිට බැඩ්මින්ටන්
අතුරු කමිටුවේ අනෙකුත් නිලධාරීන් වරින් වර ඉල්ලා අස්වීම හේතුවෙන් බොහෝ දිනක සිට
එහි ඒකාධිපති පාලනයක් ගෙන යන්නේ සභාපති නිෂාන්ත ජයසිංහ පමණයි.
ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වී බැඩ්මින්ටන් සංගමය
යලි නිසි ලෙස ජාතික සංගමයක් බවට පත්කිරීමට කටයුතු කරන තුරු රටක් බලා සිටිනවා.
No comments