ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම්
තරග මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහි විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල්
චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 05 ක පහසු ජයක් වාර් තා
කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. මුම්බායිහි පැවති තරගයේ කාසියේ වාසිය
දිනා මුම්බායි කණ්ඩායමේ නායක රෝහිත් ඔර් මා පළමුව පන්දු යැවීමට තීරණය කළා. මේ අනුව
පිටියට පිවිසි බැංගලෝර් ක්‍රීඩකයින්ට රිසි සේ ලකුණු ලබාගැනීමට හැකිවූයේ නැහැ.
නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ඔවුන්ට ලබාගත හැකිවුනේ ලකුණු 171 ක්
පමණයි. ඉනිම වැනසූ ලසිත් මාලිංග කඩුලු 04 ක් දවා ගත්තා. විරාත් කෝලි ලකුණු 8 කට දැවී
යාම මෙම කඩා වැටීමට හේතුව වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ක්‍රීඩකයින් කඩුලු
05 ක් පමණක් දැවී ලකුණු 172 ක් ලබා ගනිමින් පන්දුවාරයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය
වාර් තා කිරීමට සමත්වුණා. තරගයේ වීරයා සම්මානය මාලිංග දිනා ගත්තා.
No comments:
Post a Comment