ක්රිකට් ආයතනය දිමුත්ව අමාරුවේ දාලා
එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 28
කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්වන ශ්රී ලංකා කණ්ඩායමට විශේෂ පුහුණු සැසියක්
හා කණ්ඩායම් හැගීම වර්ධනය කරන පුහුණුවක් ලබාදීමට සැලසුම් කර තිබුණා. එහෙත් ශ්රී ලංකාවට
එල්ල වූ මුස්ලිම් අන්තවාදී මරාගෙන මැරෙන ත්රස්ථ ප්රහාරයෙන් සියල්ල අවලංගු
කිරීමට ක්රිකට් ආයතනය කටයුතු කළා.
ශ්රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව යටතේ හෝ කිසිදු පුහුණු
සැසියක් නොපැවැත්වීම ක්රිකට් ආයතනයේ නොහැකියාව ලෙස ක්රිඩකයින් මැසිවිලි නගනවා. දිමුත්
කරුණාරත්න 2015 වසරින් පසු එක්දින පිටියට පිවිස නායකත්වයත් දෙමින් ලෝක කුසලානයේ ශ්රී
ලංකා කණ්ඩායම මෙහෙයවනවා. ශ්රී ලංකා කණ්ඩායමේ නායකයින් 4 දෙනෙකු ඔහුට අමතරව සිටිනවා.
ලසිත් මාලිංග / තිසර පෙරේරා / නුවන් ප්රදීප් හා ඇන්ජලෝ මැතිව්ස් එම ක්රීඩකයින්
වනවා. නායකයින් වැඩිම කණ්ඩායම ලෙස මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන්නේ ශ්රී
ලංකාවයි.
මෙම තත්වය තුල ශ්රී ලංකා කණ්ඩායමේ කල්ලිවාදය හා
අණ නොපිලිපැදීම් බහුල විය හැකි තත්වයක් තිබෙනවා. දකුණු අප්රිකාවට එරහිව දිමුත් නායකත්වය
ලබා දෙමින් ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම වාර්තාගත ජයග්රහණයක් සදහා මෙහෙයවන විට මෙම
ජේෂ්ඨයින් හා හිටපු නායකයින් ශ්රී ලංකා කණ්ඩායමේ සිටියේ නැහැ. ජයග්රහී ටෙස්ට්
කණ්ඩායමේ ක්රීඩා කරනු ලැබුවේ නවක ක්රීඩකයින් පිරිසක්.
එල්ල වූ ත්රස්ථ ප්රහාරයෙන් අමාරුවේ වැටී ඇත්තේ දිමුත්
කරුණාරත්න බව පැහැදිලියි. ඒ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නොහැකියාවට පින්සිදු
වන්නටයි.
No comments