Saturday, May 11, 2019

ක්‍රිකට් ශම්මි පවුල පිටින් එංගලන්තයට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය පවුල පිටින් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීමට එංගලන්තයට යාමට සූදානම් වනවා. ක්‍රිකට් ආයතනයේ  30 දෙනෙකුට වැඩි පිරිසක් ඊට එක්වීම මෙම කටයුත්ත පහසු කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයට නොමිලේ ලබාදෙන ගුවන් ප්‍රවේශ පත්‍ර ශම්මි සිය පවුල වෙනුවෙන් භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ සභාපති මෙලෙස පවුල පිටින් ඊට එක්විම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට නැවැත්විය නොහැකි වී ඇත්තේද ඔහුද එංගලන්තයට තරගාවලිය නැරඹීමට එක්වීම හේතුවෙනුයි. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට මේ දිනවල වැදගෙන සිටීමට හේතු අප අනාවරණය කළා. ඒ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් තරග නරඹන්නන් දෙදෙනෙකු ලෙස එක්කිරීමට කටයුතු කිරීම හේතුවෙනුයි. රුපියල් ලක්ෂ 100 ක් මේ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් ක්‍රිකට් ආයතනය වෙන්කර තිබෙනවා.
පෙර ලිපිය

No comments:

Post a Comment