• Breaking News

    ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු කැදවයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පාර්ලිමේන්තුව හමුවට කැදවා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ ලබන 22 වැනිදා එම කැදවීමට අනුව සියළුම විධායක කමිටු සාමාජිකයින් ඊට එක්විිය යුතු බවයි. එදිනට ක්‍රිකට් ආයතනය පිලිිබද සිදුකළ වෝහාරික විගණනය පිලිබද තොරතුරු රජයේ විගණකාධිපති ලබාදී ඇති වාර්තාව සාකච්ජාවට ගන්නා බවයි.
    ක්‍රිකට් ආයතනය පිලිබද සිදුකළ විගණනය සති 2 ක් ඇතුලත ලබාදෙන බව මීට පෙර දැනුම් දී තිබුණා. එහෙත් විගණන විමසුම් වැඩිවීම හේතුවෙන් එය මාස 2 ක් දක්වා කල් ගිියා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ මෙම වාර්තාව නිකුත් කරන ලෙස කලබල කිරීමට තමන් කටයුතු නොකල බවයි.
    ක්‍රිකට් විධායක කමිටුව හිටපු සභාපති තිලංග සුමතිපාල නියෝජනය කිරීම අභියෝගයට ලක්කරමින් ක්‍රීඩා සමාජ දෙකක් අමාත්‍යවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සුදූ ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ පුද්ගලයන්ට ක්‍රීඩා සමාජ තනතුරු දැරීමේ හැකියාවක් නැහැ. තිලංග පසුගියදා තම සොයුරාට මෙරට විශාලතම බුකී ව්‍යාපාරය හිමි බව පාර්ලිමේන්තුවේදීම පිලිගත්තා. මේ අනුව ඔහුට ක්‍රිකට් විධායක කමිටුව හෝ අනු කමිටු නියෝජය කිරීමේ නීතිමය හා සධාචාරාත්මක හැකියාවක් නැහැ.
    මේ පිලිබද ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාගෙන් කරුණු විමසා තිබෙනවා. ඊට සති දෙකක් හෝ තුනකින් වාර්තාවක් ලබාදෙන බවයි ලේකම් මොහාන් ද සිල්වා පවසා ඇත්තේ. එම වාර් තාව ලබාදීමෙන් පසු තමන් අවශ්‍ය කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. හොරාගේ අම්මාගෙන් පේන ඇසීම පිලිබද අමාත්‍යවරයා මෙලෙස පිලිතුරු ලබා දුන්නා. එහෙත් එය නීති නිරෝධියි. ඒ පිලිබද ඉදිරි ලිපියෙන්.
    පෙර ලිපි

    හොරාගේ අම්මගෙන් ඇමති හරීන් ‍පේන අහයි



    No comments