ක්‍රිකට් ශම්මිට තිලංග මුඛවාඩම් දාලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි හා
ලේකම් මොහාන් අතර මත ගැටුම් උත්සන්න වී තිබෙනවා. එය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට
යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇදුම එලිදැක්වීමේ අවස්ථාවේදී එලියට පැන්නා. දැඩි ආරක්ෂාව
යටතේ කෙළඹ චාජ් සමුද්‍රා හෝටලයේ පැවති මෙම මාධ්‍ය හමුවට ක්‍රිකට් ආයතනයේ සභාපති
ශම්මි සිල්වා පැමිණියේ නැහැ. ලේකම් මොහාන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම
හමුවට ක්‍රිකට් ආයතනයේ බොහෝ බලධාරීන් නොපැමිණීම කැපී පෙනෙනවා.
ක්‍රිකට් ආයතනය සංවිධාන කළ මාධ්‍ය හමු කිසිවකට මේ
වන තුරු ලේකම් හා සභාපති එක්ව සහභාගී නොවීම කැපීපෙනෙනවා. ක්‍රිකට් සභාපති ශම්මි කථාකිරීමේදී
කිසිදු වග විභාගයක් නොමැතිවීම හේතුවෙන් හිටපු සභාපති තිලංගට ප්‍රශ්න පිට ප්‍රශ්න
මතුව ඇතැයි සදහන්. මේ හේතුවෙන් ඔහු උපදෙස් දී ඇත්තේ හැකිතරම් සභාපතිවරයාට මාධ්‍ය
මගහැර සිටින ලෙසයි. නිලවරණයට පෙර සිටම ශම්මි සිය නොහැකියාව ප්‍රදර් ශනය කළ නිලධාරියෙක්
බව ඔබට මතක ඇති. “කිඹුලා
නැති වුනට හූනා ඉන්නවා “
No comments