ලෝක කුසලාන පුහුණු තරග මාලිංග වර්ජනය කරයි
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග
දෙකට එක් නොවීමට ලසිත් මාලිංග තීරණය කර තිබෙනවා. තරගාවලියේ පළමු පුහුණු තරගයට ශ්‍රී
ලංකා කණ්ඩායම ලබන 24 වැනිදා දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් කාඩිෆ් හිදී තරග
වදිනවා. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 27 වැනිදා එක්වන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගිනුයි.
මෙම තරග දෙකටම මාලිංග එක් නොවීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා ( 21 ) ස්කොට්ලන්තය
සමගින් තරග වදිනවා. දෙරට අතර පළමු තරගයට වර්ශාවෙන් භාධා එල්ල වුණා. මේ අනුව දෙරට
අතර දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනවා.
2015 වසරින් පසු එක්දින පිටියට දිමුත් කරුණාරත්න පැමිණෙන්නේ
නායකයා ලෙස කෙලින්ම මෙම තරගාවලියටයි. එහිදී ඔහු එක්දින පිටියේ දක්වන නායකත්ව
දක්ෂතා තක්සේරු කරගත හැකිවනවා.
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට නම්කළ ශ්‍රී
ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් රැසක් සිටිනවා. ඇන්ජලෝ මැතිව්ස් / තිසර පෙරේරා / ලහිරු
තිරිමාන්න / ලසිත් මාලිංග හා සුරංග
ලක්මාල් ඒ අතර වනවා. එවැනි තත්වයක් තුල 2015 සිට එක්දින තරග ක්‍රීඩා නොකළ දිමුත්
කරුණාරත්නට නායකත්වය ලබාදීම ජේෂ්ඨ ක්‍රීඩකයින්ගේ කෝපයට හේතුවී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව කටු ඔටුන්නට අභ්‍යන්තර
ගැටුම් ඇතිව තිබෙන තත්වයක් මත ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක්
වනවා. ස්කොට්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග හා පුහුණු තරග දෙකටම මාලිංග
එක්නොවීමට තීරණය කර ඇත්තේ මේ අනුවයි. ස්කොට්ලන්ත තරගය හා පළමු පුහුණු තරගය ජය ගැනීමට
ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් නියත වශයෙන්ම මාලිංග කණ්ඩායම සමගින් එක්වනු ඇති. එම
තරග පරාජය වුවහොත් ඔහු කණ්ඩායමට එක් නොවනු ඇතැයි විශ්වාස කරනවා.
ලසිත් මාලිංග මෙලෙස කණ්ඩායමට එක්වීම අවිනිශ්චිත
වී ඇත්තේ හිටි හැටියේ හේතුවක් නොදන්වා ඔහුව ශ්‍රී ලංකා එක්දින නායකත්වයෙන් ඉවත්
කිරීමයි. එමෙන්ම අනතුරුව පැවති මාධ්‍ය හමු වලදී මාලිංග සම්බන්ධයෙන් දැක්වූ අදහස් ද
මෙම ගින්න ඇවිලීමට හේතුවී තිබෙනවා.
No comments