හරීන්ට කවපු ගුලියෙන් ක්‍රිකට් පවුල් ගහක් ලියලයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිපාලනයට එරහිව අවි
අමෝරාගෙන සිටි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හිටි හැටියේ ශාන්ත දාන්ත තීන්ත
කූඩුවක් වී තිබෙනවා. අමාත්‍යවරයාට මෙම තත්වය මතුව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ ප්‍රධානීන් ගුලියක් කැවීම හේතුවෙන් බව අනාවරණය වනවා. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට්
ආයතනයේ පරිපාලනය දූෂිත එකක් බව පසුගිය කාලයේ වරින් වර ප්‍රකාශ කළා. පසුගිය සිකුරාදා
( 03 ) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී එය නොකියා කී බව රහසක් නොවේ.
එහෙත් ඉන් දින දෙකකට පසු එනම් ( 06 ) වැනිදා ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවට එක්වු අමාත්‍යවරයා පළමුව සිදුකළේ ශ්‍රී
ලංකා ක්‍රිකට් හොර රැල බව කී පරිපාලනයට ආවැඩීමයි. ක්‍රිකට් ආයතනයේ පාලකයන් හොදින්
ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය දේ ලබාදීමට කටයුතු කරන බව පවසමින් ඊට ස්තූතිය පළකළා.
වෙස් මාරුවට හේතුව අපූරු කරුණක් අපට හමුවුණා. ක්‍රීඩා
අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මෙවර ක්‍රිකට් ලෝක කුසලාන
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සම්බද්ධයෙන් කටයුතු කිරීමට එංගලන්තයට
පිටත්ව යනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ ඊට අනියුක්ත කර ඇති නිලධාරීන් දෙදෙනා
තෝරාගෙන ඇත්තේ ඇමති ආරක්ෂක අංශය බවයි. පුදුමයට කරුණ ඇමති ආරක්ෂක අංශයේ අත්දැකීම්
ඇති නිලධාරීන් සිටියදී හරීන්ගේ පෞද්ගලික ආරක්ෂකයින් දෙදෙනාම ඊට තේරා ගැනීමයි. ඇමති
හරීන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් යැයි ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හමුවට පැමිණි
මාධ්‍යවේදියකු ඩීල් මාමා සමග පවසනු අපට අසන්නට ලැබුණා. සිදුව ඇත්තේ හරීන් ක්‍රිකට් ආයතනයට නියෝග කර ඇත්තේ සිය ආරක්ෂකයින් දෙදෙනාට එංගලන්තයේ සංචාරය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි. ඊට රුපියල් මිලියන 5 කට අධික මුදලක් වැය කිරීමට ක්‍රිකට් ආයතනය සැදී පැහැදී සිටිනවා.
මේ අතර මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය
නැරඹීමට ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා හා ඔහුගේ මුළු පවුලම එංගලන්තයට යනවා. හිටපු
සභාපති තිලංග සුමතිපාලට කත් අදිමින් ඔහුගේ දේශපාලන කටයුතු බලා කියා ගන්නා සුවච
කීකරු කුක්කා වන සොයියාද ඊට එක්වන බව වාර්තා වනවා.
ශම්මි දුවත් පුතාත් සමගින් ක්‍රිකට්
ආයතනයේ පැවති මාධ්‍ය හමුවට පැමිණ සිටියා. මීට පෙර සභාපතිවරුන් පවුල් හා විවිධ
කාන්තාවන් සමගින් විදෙස් සංචාරයන්ට එක්වුවද ශම්මි සිල්වා චන්ඩියකු ගෙස පවුල
පිටින්ම එලිපිට පහරන බව ක්‍රිකට් සේවකයින් පවසනවා. ඇමතිට දොලපිදේනි ලබාදීම හේතුවෙන්
මෙවැනි සභාපතිකම් වෛශ්‍ය වෘතියේ යෙදවීමට එරෙහි වීම පිලිබද කරුණු ඉදිරිපත් කිරීම් ඉබ්බන්ගෙන්
පිහාටු ගැනීමක් නොවන්නේදැයි ඇතමුන් අසනවා.
‘ බීරි අලින්ට වීනා වැයීම ’
ශම්මිගේ පවුලේ අය රට යන්නේ කාගේ සල්ලි වලින්ද? රට යන ආරක්ෂකයින් දෙදෙනා නුසුදුසු වන්නේ හරීන්ගේ ආරක්ෂකයින් වීම නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාද?එසේ නම් කිසිදු ආරක්ෂකයෙක් නොයවා සල්ලි ඉතුරු කිරීමද කියන්නේ?
ReplyDelete