Thursday, October 24, 2019

හොරාගේ අම්මාගෙන් පේන අහන්න - තිලංග පාර්ලිමේන්තුවේදී


ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙද්දී එහි සමාජිකයෙකු ලෙස එම ආයතනයේ එවකට සභාපති වූ තිලංග  සුමතිපාල මහතා පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම කමිටුවේ පුරප්පාඩුවක් සදහායි. පාර්ලිමේන්තුව ගත් මෙම තීරණය සදාචාර විරෝධි ක්‍රියාවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදීම ඊයේ (23) පැවසුවා.
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා මියයාම හේතුවෙන් පොදු ව්‍යාපාර කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා ස්ථාවර නියෝග 23(8) ප්‍රකාරව තිලංග සුමතිපාල මහතා පත්කර ඇති බව දැනුම් දෙමි.
බිමල් රත්නායක මහතා
තිලංග සුමතිපාල මහතාට විරුද්ධව දැනට කෝප් කාරක සභාවේ පරීක්ෂණයක් සිදු වෙනවා.එතැනදී කතානායක වශයෙන් ඔබතුමාට බලයක් තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයක් තිබෙන කරුණු සම්බන්ධව පරීක්ෂණයක් සිදුවෙන නිසා ඒ මන්ත්‍රීතුමා ඊට පත් නොකර සිටින්න.එසේ පත් කිරීම සදාචාර විරෝධී ‍මේක පාර්ලිමේන්තුවට කළ නිග්‍රහයක් එම නිසා ඒ පරීක්ෂණ අවසන් වනතුරු එතුමා ඒ කාරක සභාවට පත් කිරීම නතර කරන්න.
නියෝජ්‍ය කතානායක
මා ඒ ගැන කතානායකතුමා දැනුවත් කරන්නම්.
තිලංග සුමතිපාල මහතා
මට මේ කමිටුවේ සමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් තිබෙනවා.මට විරුද්ධව කරුණුත් තිබෙන විට ඉන් ඉවත් වී සිටිය හැකියි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා ඒ ගැන දන්නේ නැතුව ඇති.ඒ ගැන කණගාටුවෙනවා.

No comments:

Post a Comment