ඕස්ට්‍රේලියාවේදී මෙරට ක්‍රිකට් මාරුව අච්චාරුවක් වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (30 වැනිදා) සමත් වුණා. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමටද ඕස්ට්‍රේලියානුවන් සමත්ව සිටිනවා.
පළමු තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු සහ කසුන් රාජිත වෙනුවෙට උප නායක නිරෝෂන් දික්වැල්ල, අවිෂ්ක ප්‍රනාන්දු සහ ඉසුරු උදාන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.
පළමු තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු සහ කසුන් රාජිත වෙනුවෙට උප නායක නිරෝෂන් දික්වැල්ල, අවිෂ්ක ප්‍රනාන්දු සහ ඉසුරු උදාන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.
ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, කුසල් ජනිත් පෙරේරා පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද රැස්කළා. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 16 කදී ලකුණු 17 ක් ඉනිමට එක්කළා. සෙසු පිතිකරුවන් 8 දෙනාටම ලකුණු 10 සීමාව පසුකර යෑමට හැකිවූයේ නෑ.
ඇඩම් සම්පා, බිලී ස්ටැන්ලේක්, ඇෂ්ටන් ආගර් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූවා.
පිලිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාවේ එක් ලකුණක් ලෙස මුලු ලකුණු පුවරුව සටහන්ව තිබියදී පළමු කඩුල්ල ලෙස නායක ආරෝන් ෆින්ච් පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් වුණා. එහෙත් එතැන් පටන් ස්ටීවන් ස්මිත් සමග එක්වූ වෝනර්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 117 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉතා පහසු කළා.
තරග තහනමින් අනතුරුව සිය මව්රට තුළ ජාත්‍යන්තර තරගයකදී පන්දුවට පහරදුන් පළමු අවස්ථාවේදීම අර්ධ ශතකයක් ලබාගැනිමට ස්ටීවන් ස්මිත් සමත් වූයේ පන්දු 36 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කරමිනි. එහිදී ස්මිතගේ තෙවැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගනිද්දී, වෝනර් ලබාගත්තේ සිය 14 වැනි විස්සයි20 අර්ධ ශතකයයි. තරග තහනමින් අනතුරුව සිය මව්රට තුළදී සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරගය ශතකයකින් සැමරූ ඬේවිඞ් වෝනර් 27 වැනිදා තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිදෙන්නට පහර දුන්නා. එය අද දිනයේත් සිදුවීම කැපී පෙනෙනවා.
එක්ව එකාමෙන් නැගිටිමු කියා ගීත ගැයුවාට එය කණ්ඩායම තුල නැති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගන්නා මෙම නින්දා සහගත පරාජයන් අනාගතය පිලිබද මවන්නේ බියකරු සිතුවමක්. ලබන වසරේදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේද ඕස්ට්‍රේලියාවේදීයි. එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද වත්මන් නායක ලසිත් මාලිංගයි.
No comments