• Breaking News

    ජේෂ්ඨයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේදී කළදේ

    ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් ලකුණු 134 ක දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. මෙම තරගයේදී පාකිස්තානයට එරහිව පැවති විස්සයි විස්ස තරගාවලියේදී සාර්ථක වූ කිසිදු ක්‍රීඩකයකුට දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම කැපී පෙනෙනවා.
    එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කිරීමට පෙර තේරීම් කමිටුව කියා සිටියේ මාලිංගගේ නායකත්වයට සෙසු ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු අකමැති බවයි. මෙවරත් එය සිදුව ඇත්දැයි සොයාබැලීම බලධාරීන් සතු වනවා. ඒ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම හේතුවෙනුයි. එමෙන්ම මෙවර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අනුකම්පා විරහිත ප්‍රහාරයකට ලක්වීමත් සලකා බැලිය යුතු කරුණක්. ලකුණු පුවරුව පහත දැක්වෙනවා.

    No comments