ක්‍රිකට් විකුණන තැරැව්කරුවන් බේරා ශකිබ් දංගෙඩියට බෙල්ල තියයි
බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වසර දෙකක තරග තහනමක් පනවා ඇති අතර එය අවුරුද්දකට අත්හිටුවා තිබෙනවා. ඒ මුදලට තරග පාවාදීම සදහා ඔහුට යෝජනා ඉදිරිපත් කළ තැරැව්කරුවන් පිළිබදව තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන්.
බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර 2018 ජනවාරී මාසයේදී පැවැති තුන්කොන් තරගයේදී චෝදනා දෙකක් සහ එම වසරේදීම ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයියස් හයිද්‍රාබාද් සහ කිංග්ස් ලෙවන් පංජාබ් අතර තරගයකදී එක් චෝදනාවක් මෙලෙස ඔහුට එල්ලවී තිබෙනවා.
සකිබ් අල් හසන් චෝදනා පිළිගැනීමට තීරණය කිරීම හේතුවෙන් දූෂණ විරෝධී විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කිරීම වෙනුවට අන්තර් ජාතික ක්‍රිකට් කව්න්සිලය ලබාදෙන දඩුවම් නියම කිරීමට කටයුතු කර තිබෙනවා.
අත්හිටවූ වසරට අදාල කොන්දේසී ශකීබ් විසින් සැපිරුවහොත් 2020 ඔක්තෝබර් 29 වැනිදා සිට නැවතත් ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනවා.
ශකීබ් මෑතකදී පැවැති බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වර්ජනයකට නායකත්වය ලබාදුන් අතර එහිදී එරට පාලක මණ්ඩලය ඔවුන්ගේ ඉල්ලීම් පිළිගැනීමත් සමගින් ක්‍රීඩකයෝ වර්ජනය අවසන් කළා.
රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය සෑම ආකාරයකින්ම ඔහුට උදව් කරනු ඇති බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය පවසනවා.
“තරග පාවා දෙන්නන් බොහෝ විට ක්‍රීඩකයින් සම්බන්ධ කර ගන්නවා. සකීබ්ගේ වැරුද්ද ඔහු ඒ සම්බන්ධව වැඩි වැදගත් කමක් නොපෙන්වීමයි. ඔහු දැනුම් දුන්නේ නෑ” යැයි ෂෙයික් හසීනා මහත්මිය වැදුරටත් පැවසුවාය.
ක්‍රිකට් තරග මුදලට පාවාදීමේ යෝජනා ගෙනා තැරැව්කරුවන් හෙලි නොකිරීමට ශකීබ් ගත් තීරණය පෙරලිකාර වනවා. ඒ දූෂණය රැකීමට ගත් තීරණයක් ලෙස බැලූ බැල්මට පෙනීයාම හේතුවෙන්. මෙම තීරණය හේතුවෙන් ශකීබ්ට වසර දෙකක් අහිමි වනවා. එමෙන්ම ඔහුගේ කීර්ති නාමයත් මේ සමගින් අවසන් වනවා. ඒ ඔහු මෙවර තැරැව්කරුවන් හෙලි නොකරන්නේ මීට පෙර ඔහු ඔවුන් සමග දිගුකලක් ලගින් කටයුතු කිරීම හේතුවෙන් විය හැකියි. ඔහුගේ තරග පාවාදීම් හෙලිවීම වැලැක්වීම මෙහි අරමුණ බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. එමෙන්ම ඒ වෙනුවෙන් අති විශාල මුදලක් ඔහුට තැරැව්කරුවන් ගෙවන්නට ඇති බවටත් ඇතමුන් මත පලකරනවා.
ලොව කිසිදු අවස්‍තාවක තැරැව්කරුවන් හෙලිවී නැහැ. මේ හේතුවෙන් ඉදිරියටත් ඔවුන්ට සියල්ලන්ට හොර රහසේ ක්‍රීඩකයන් හා තරගාවලි අතරදී කටයුතු කිරීමේ අවස්තාව හිමිවනවා.
තැරව්කරුවන් ගේ නම් එලි නොකළේ මේ ලිපියෙන් කියන විදියට වෙන්න පුළුවන්. නමුත් කල්පන්න කරලා බලන්න: තැරැව්කරුවන් කිසිසේත්ම ශාන්තුවරයන් නොවනාතර ඔවුන් ICC පරීක්ෂණ අතරවාරයේ සමහර විට මෙමෙ ක්‍රීඩකයාගේ මවගේ හෝ දරුවෙකුගේ (දරුවන් සිටී නම්) හෝ වෙනත් ලබැඳියෙකුගේ හිසට පිස්තෝලයක් තාබා තිබුනා ද විය හැකිය. එසේ වුනි නම් ඔබ ඔවුන්ගේ නම් හෙළි කරනවාද? චන්ද කොමසාරිස්වරයෙක් ආතතිය නිසා ගෙදර ගියා මතකද?? ඒ අතර අපේ කිරිකට් අයියා කෙනෙකුත් ජංගම දුරකථනය පෙන්නන්න බෑ කිව්වා මතකද?
ReplyDelete-අන්තිම හුස්ම