පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී නවක ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අනුපිළිවෙල සකසා ගැනීම තරමක් අසීරු තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අනිද්දා (27 වැනිදා) ඇඩිලේඞ්හිදී පැවැත්වේ.
පාකිස්තානු සංචාරයට සහභාගි නොවූ ප්‍රබල ක්‍රීඩකයන් වන කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ඕස්ට්‍රේලියානු සංචාරයේදී යළිත් කණ්ඩායමට එක්වීමත් සමග කණ්ඩායමේ කළමනාකාරීත්වය මෙම අසීරු තත්වයට මුහුණපා සිටියි.
ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක පිටියට පිවිසියහ. එහෙත් කුසල් පෙරේරා සහ අවිෂ්ක ප්‍රනාන්දුද සංචිතයට ඇතුළත්ව සිටින බැවින් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය කවුදැයි යන්න පිළිබඳ අවසන් නිගමනයකට පැමිණිය නොහැකිව ශ්‍රී ලංකා කණ්ඩායම ලතවෙමින් සිටී.
පාකිස්තාන සංචාරයට පෙර පැවැති නවසීලන්ත තරගාවලියේදී කුසල් මෙන්ඩිස් සමගින් කුසල් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ අතර පාකිස්තාන සංචාරයේදී ධනුෂ්ක ගුණතිලක සමගින් අවිෂ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම අරඹූහ. තරග 2 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 105 ක් රැස්කළ කුසල් මෙන්ඩිස් සහ තරග 3 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 80 ක් රැස්කළ ධනුෂ්ක ගුණතිලක එහිදී ආරම්භක පිතිකරුවන් ලෙස ඉදිරියෙන් සිටියහ.
පාකිස්තාන සංචාරයේදී මෙන්ම ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති පුහුණු තරගයේදීද ලකුණු අතරට පැමිණීමට නවක ක්‍රීඩකයන් වන භානුක රාජපක්ෂ සහ ඕෂධ ප්‍රනාන්දු සමත් වූ නමුත් පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ නිරෝෂන් දික්වැල්ල එහිදී පිතිකරුවකු ලෙස අසාර්ථක වීය. එහෙත් කණ්ඩායම වෙනුවෙන් බොහෝ අවස්ථාවන්හිදී දක්‍ෂතා පෙන්වූ ක්‍රීඩකයන් වන හෙයින් පළපුරුදු ක්‍රීඩකයන් ඉවත්කර තැබීමට තේරීම් කමිටු නිලධාරීහු මැළිවෙති.
පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දසුන් ශානක මෙන්ම එම සංචාරය පුරා ලකුණු අතර සිටි ෂෙහාන් ජයසූරියද සංචිතයේ සිටින බැවින් පිතිකරුවන් 7 දෙනා අතර අවසන් පිතිකරුවන් දෙදෙනා තෝරා ගැනීමද කණ්ඩායමේ කලමනාකාරීත්වයට මහත් හිසරදයක් වී තිබේ. නුවන් ප්‍රදීප්, කසුන් රාජත සහ ළහිරු කුමාර වේග පන්දු යවන්නන් ලෙස පාකිස්තාන සංචාරයේදී මෙන්ම පුහුණු තරගයේදීද දස්කම් දැක්වූ නමුත් කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංගගේ ආගමනයත් සමග ඔවුන් තිදෙනගෙන් අයෙකුට කණ්ඩායමෙන් ඉවතට යෑමට සිදුවනු ඇත.
ඕස්ට්‍රේලියානු විස්සයි20 කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච්, සිය ඇලපතේ මස් පිඬු ඇදීමක් හේතුවෙන් තරගාවලිය ආරම්භ වීමට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණදීමට සූදානමින් සිටියි. යම් හෙයකින් ඔහු එම පරීක්ෂණයෙන් අසමත් වුවහොත් ඔහුට දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවනු ඇත. එසේ වුවහොත් පළමු තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්ට හෝ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරිට හිමිවනු ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනෙකු වන ස්ටීවන් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් මුහුණ දුන් තරග තහනම නිම වීමෙන් අනතුරුව යළිත් කණ්ඩායමට ඇතුළත්ව සිටීම ඕස්ට්‍රේලියානු පිතිකරු බලඇණිය තවත් ශක්තිමත් කරනු ඇත. තරග තහනම නිමා වීමෙන් අනුතුරුව ඔවුන් දෙදෙනා සිය මව් රට තුළදී ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාවද මෙයයි.
පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් මෙම තරගාවලියේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු බලඇණියට නායකත්වය ලබාදෙන අතර ඇන්ඩෘ ටේ, කේන් රිචඞ්සන් සහ බිලි ස්ටැන්ලේක් ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා එහිදී කමින්ස්ට සහ ස්ටාක්ට සහාය දැක්වීමට සූදානමින් සිටිති.
තරගාවලියේ දෙවැන්න 30 වැනිදා බි්‍රස්බේන්හිදීද, තෙවැන්න 1 වැනිදා මෙල්බර්න්හිදීද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන සහ කසුන් රාජිත
ඕස්ට්‍රේලියානු සංචිතය
ඒරන් ෆින්ච් (නායක), ඇස්ටන් ඒගර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, ග්ලේන් මැක්ස්වෙල්, බෙන් මැක්ඩෙමොට්, කේන් රිචඞ්සන්, ස්ටීවන් ස්මිත්, බිලී ස්ටැන්ලේක්, මිචෙල් ස්ටාක්, ඇස්ටන් ටර්නර්, ඇන්ඩෘ ටේ, ඬේවිඞ් වෝනර් සහ ඇඩම් සම්පා
ඒරන් ෆින්ච් (නායක), ඇස්ටන් ඒගර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, ග්ලේන් මැක්ස්වෙල්, බෙන් මැක්ඩෙමොට්, කේන් රිචඞ්සන්, ස්ටීවන් ස්මිත්, බිලී ස්ටැන්ලේක්, මිචෙල් ස්ටාක්, ඇස්ටන් ටර්නර්, ඇන්ඩෘ ටේ, ඬේවිඞ් වෝනර් සහ ඇඩම් සම්පා
No comments:
Post a Comment