ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත ලබන සඳුදා (11 වැනිදා) පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එම උත්සාහය ඊයේ (7) අසාර්ථකවීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කෙසේ වෙතත් මෙම පනත සකස්කර අවසන් කරනු ලැබුවේ 2014 වසරේ අග භාගයේදීයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමත කර නීතියක් බවට පත් කිරීම පමණක් ඉතිරිව තිබුණා. එහෙත් පසුගිය කාලය පුරාම යහපාලන රජයේ ක්‍රීඩා අමාත්‍යවරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. හරීන් ප්‍රනාන්දු අමාත්‍යධුරය ලබා ගැනීමෙන් පසුවත් එය සිදුකිරීමට උවමණාවක් තිබුනේ නෑ . එහෙත් ජනාධිපතිවරණයේ පරාජය වුවහොත් ඔහුට යන්න වෙන්නේ අත්දෙක පද්දමිනුයි. දැන් වැඩක් කල පනතක් සම්මත කළ ඇමතිවරයෙක් ලෙස යෑමට උත්සාහය කරන ලෙස පියා දුන උපදෙස් අනුව කටයුතු කිරීමට ඔහු උත්සාහ කරන බවයි වාර්තා වන්නේ. කෙසේහෝ මෙතෙක් දිනක් අපත් වරින්වර හඩ නැගූ මෙම පනත ඉදිරිපත් වීම මෙරට ක්‍රීඩාවට යහපත් වනු ඇති.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සභා වාරයේ න්‍යාය පුස්තකයකට එය කලින් සැලසුම් කර තිබූ පරිදි ඇතුළත් නොවීමෙන් ඊයේ එය සභා සම්මත කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ පිළිබඳව ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා පැවසුවේ ඊයේ සභාවාරයේ න්‍යාය පුස්තකයට එම කෙටුම්පත ඇතුළත් නොවීම සම්බන්ධයෙන් තමන් කථානායකවරයාට දැඩි කනස්සල්ල පළ කළ බවයි.
කෙසේ වෙතත් එය ලබන සඳුදා රැස්වීම් වාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව කථානායවරයා එහිදී තමාට සහතික වූ බවත් ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසුව එය නීතියක් බවට පත්වන අතර එහිදී ක්‍රීඩා ඉසව් පාදක කර ගනිමින් ඔට්ටු අල්ලන්නන් ඇතුළු එවැනි විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ වන්නන් අනුබල දෙන්නන් බවට වැරදිකරුවන් වන අයට නීතිය හමුවේ උපරිම වශයෙන් රුපියල් මිලියන 100ක දඩයක් හෝ වසර 10ක සිරදඬුවමක් නියම කළ හැකිය.
ඒ සම්බන්ධයෙන් තොරතුරු සපයන්නන්ටද අරමුදලක් ඇති කරමින් දිරිගැන්වීමේ ත්‍යාග ප්‍රදානය කිරීමට ද කටයුතු කෙරේ. ඔට්ටු ඇල්ලීමේ විෂමාචාර ක්‍රියා වැළැක්වීමේ අරමුණින් මේ වනවිට ක්‍රීඩා පනතට ද විශේෂ වගන්ති තුනක්ද ඇතුළත් කර ගැනීම මගින් රට තුළ මේ විෂමාචාර ක්‍රියාවන් වැළැක්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය උපරිම ලෙස කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා පැවසුවා.
ක්‍රීඩා ඇමතිවරයා මෙසේද කියා සිටියා.
“පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයෙන් ඊයේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධ යෝජනාව ඉවත් වූයේ කෙසේ දැයි කියන්න මා නම් දන්නේ නෑ. ඒ ගැන යම් යම් කතා බහ ඇතිවුණා. එය ප්‍රමාද දෝෂයකින් වූ අතපසු වීමක්ද විය හැකියි”
“නමුත් මේ සම්බන්ධයෙන් මා කතානායකවරයා මුණ ගැසී සාකච්ඡා කළා. ඒ නිසා ලබන සඳුදා අපි මේ පනත පාර්ලිමේන්තුවේදී කෙසේ හෝ සම්මත කරනවාමයි. මම ඒ ගැන එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඊට සම්බන්ධව පාර්ලිමේන්තුවේ වගකිව යුතු පාර්ශ්වයන්හි කුමක් හෝ අඩුවක් තිබෙන්න ඇති.” යයිද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
“සමහරු ජනාධිපතිවරණය දවස එනකන් මේක කල්දාන්න බලාපොරොත්තුවෙලා ඉන්නවද කියන්නත් මා දන්නෙ නෑ. නමුත් නොවැම්බර් 16 න් පස්සේ මොනව වෙයිද කියන්න මා දන්නෙ නෑ. ඒ හින්දා රටට හිතකර මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතරයකින් සඳුදාට සම්මත කර ගන්න මට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා”.
පනත් කෙටුම්පත සඳහා අධීක්ෂණ කමිටුවේ අනුමැතිය හිමිව ඇත්තේ පසුගිය ඔක්තෝබර් 23 වැනිදාය. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉහළම සහයෝගයක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණු බවත් පැවසු ක්‍රීඩා ඇමැතිවරයා එක් පුද්ගලයකු ඉලක්ක තරමින් මෙම පනත ඉදිරිපත් කිරීමට තමන් උනන්දුවී සිටින බවට නැගෙන චෝදනාව තුළින්ද මෙම පනතට වටිනාකමක් ලැබී ඇතැයි පැවසුවා.
No comments:
Post a Comment