සේවය අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වූ පරීක්‍ෂණයකට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හතුරුසිංහගේ සේවය අත්හිටුවීම සම්බන්ධව පරීක්‍ෂණයක් ඊයේ (08) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම පරීක්‍ෂණයට සහභාගි නොවන බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා.
විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකු මෙම පරීක්‍ෂණය මෙහෙයවීමට නියමිතව තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ හතුරුසිංහ නොපැමිණිය ද පරීක්‍ෂණය ක්‍රියාත්මක වූවා ලෙස සළකා අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන යන බවයි.
“හතුරුසිංහ පරීක්‍ෂණයට ආවේ නෑ. ඒත් අපි පරීක්‍ෂණය නැවැත්තුවේ නෑ. අපේ කටයුතු අපි කරගෙන යනවා” යැයි එම නිලධාරියා එහිදී කියා සිටියා.
හතුරුසිංහ මහතා සමඟ සමීප සම්බන්ධතා පවත්වන ක්‍රිකට් නිලධාරියකු පැවසුවේ හතුරුසිංහ වරදක් කර නොමැතිවීම නිසා පරීක්‍ෂණවලට සහභාගිවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. හතුරුසිංහ මහතා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දීර්ඝ ලිපියක් යොමුකර තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය අගෝස්තු මාසයේ සිට හතුරුසිංහගේ සේවය තාවකාලිකව අත්හිටුවුවද ඔහුට රුපියල් ලක්‍ෂ 80 ක බැගින් වන ගිවිසුම්ගත මාසික වැටුප ගෙවනු ලබනවා. හතුරුසිංහගේ සේවා ගිවිසුම ලබන වසරේ (2020) දෙසැම්බර් මස අවසන් වන අතර ඊට පෙර ගිවිසුම අවලංගු කළ හොත් රුපියල් කෝටි 10 කට අධික වන්දියක් ගෙවීමට ක්‍රිකට් ආයතනයට සිදුවනවා. මේ අනුව ක්‍රිකට් ආයතනය සේවයක් නොගෙන ඔහුට වැටුප් ගෙවීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවශ්‍යතා ඉටුකිරීමට යාමෙන් ඇතිවූවක් බව බොහෝ දෙනෙකු නොදන්නා සත්‍යයි.
No comments:
Post a Comment