• Breaking News

    ඇමති හරීන් ක්‍රීඩා අමාත්‍යාංශයම රට පටවයි


    නේපාලයේදී ලබන දෙසැම්බර් මස පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට (සාග්) සහභාගි වන දැවැන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් 32 ක් ඇතුළත්. එම නිලධාරී කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල සහ ක්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රධානී උපාලි සමරසිංහ යන මහත්වරු ද ඇතුළත්ව සිටීම කැපී පෙනෙනවා.
    ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක ආචාර්ය උපේන්ද්‍ර මුදුගමුව මහතා ද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.
    ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේෂිකාවක් ලෙස කටයුතු කරන ඔලිම්පික් පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මිය ද එම නිලධාරී කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
    මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයේ ව්‍යාපෘති නිලධාරීන් සහ පුහුණුකරුවන් 10 බැගින් 20 දෙනකු ඇතුළත් වනවා.
    හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී (කබඩි) කීර්ති ගුණතිලක මහතා ද මෙම නිලධාරීන් අතරට ඇතුළත්.
    ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට සන්තෝසමක් ලෙස මෙම සාග් වන්දනා ගමන හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සූදානම් කර ඇත්තේ තමන්ගේ වැරදි එලියට යෑම වලක්වා ගැනීමේ අරමුණ ඇතිව බවයි මෙම තොරතුරු ලබාදුන් අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියේ.

    No comments