ඩුබායි නුවරදී අද (10) නිමාවට පත්වූ 73 වැනි ලෝක ශූරතා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වයි.ඒ. අමිල කිලෝ ග්‍රෑම් 65 බර පංතියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්විය. එම බරපංතියේම රිදී පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රාජ් කුමරන් හිමි කර ගැනීමට සමත්වීම කැපී පෙනෙනවා. තහනම් උත්තේජක නොමැතිව කායවර්ධන ක්‍රීඩාව සිදුකළ නොහැකි බවට නන්දෙඩූ සියල්ලන්ට මෙම ක්‍රීඩකයන් දෙදෙනා මහා ආදර්ශයක් හා පිලිතුරක් ලබාදී ඇති බව කිව යුතුයි. මෙම ක්‍රීඩා උළෙල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තහනම් උත්තේජක පරීක්ෂාවන්ට යටත්ව පැවැත්වූවක් වනවා.
මෙම ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත්තේ වසර 2009න් පසුවයි. ශ්‍රී ලංකාව වසර 2014 න් පසුව දේශීය කායවර්ධන පරිපාලනයේ දිගින් දිගටම උද්ගතව තිබූ ආරවුල් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් කිසිවකු ඊට එක්වූයේ නැහැ.
මීට පෙර ප්‍රසිද්ධියේ තමන් තහනම් උත්තේජක ලබාගන්නා බව පැවසූ ලූෂන් පුශ්පරාජ් ක්‍රීඩකයා මෙරට තුල වීරයෙක් වී සිටියා. ඒ ලූලා නැති වලට කණයා පණ්ඩිතයා යන කියමන සිහිපත් කරමින්. ලංකාවේ තහනම් උත්තේජක ලබාගැනීම පනතකින්ම තහනම් කර තිබෙනවා. එහෙත් මහ දවල් මහ බැංකුව සුද්ද කළ UNP ආන්ඩුව එම පනත සතේකට මායිම් කලේ නෑ. ඒ මෙරට නීතිය ඔව්න්ට අවශ්‍ය ලෙස නමමින් මහජනතාව මුලාකළ පාලනයක් ගෙනයාම හේතුවෙනුයි.
හොරුන් අතර හොදම හොරා තේරීමේ කායවර්ධන තරගයන්හිදී මෙරට තාවකාලිකව තරග තහනමට ලක්ව සිටින ලූෂන් පුශ්පරාජ් පදක්කම් දිනා ගත්තේ මෙම කාලයේදීයි. හොරුන්ට ලොකුම හොරා ලෙස සම්මනයට ලෝකයේ අභිශේක ලැබීම මහා වීරකමක් වුණා. මේ හේතුවෙන් මෙරට ජාතික ක්‍රීඩා සංගමයේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියක් නොමැතිව ඔහුව ඔසවා තැබීමට යමපාලනය කටයුතු කළා. ඒ හරිපාරෙන් ගොස් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයන් නොසලකා වීම කැපී පෙනුණා.
වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිවාස සංවර්ධනය අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිවසක් ලූෂන්ට ලබාදුන්නේ ඉවක් බවක් නොමැතිවයි. ඒ හරිපාරෙන් ගිය ක්‍රීඩකයන්ට සෝ සුසුම් ගෙනදෙමින් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
ලූෂන්ගේ මුදලට යටවූ මාධ්‍යවේදීන් බොහෝ පිරිසක්ද මෙම අකටයුතුකම් නොපෙනුනා සේ සිටියා. මේ හේතුවෙන් ලූෂන්ගේ හොදම හොරා ලෙස සම්මාන දිනා ගැනීම පමණක් ප්‍රවෘත්ති බවට පත්වුණා.
මෙම සියල්ල පසුපස සිටියේ ලූෂන්ගේ අනුග්‍රාහක අමාත්‍ය මංගල සමරවීර මහතාගේද අනුග්‍රහයා බව දන්නේ අතලොස්සක් පමණයි. එම දේශපාලන හිතවත්කමට කිසිදු සොයා බැලීමක් නොකර නිවෙස් බෙදූ සජිත්ට රට භාරදීම යනු හොරු හතලිහක් එක්ක එන අලි බබාට ඔටුනු පැලදවීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
මෙම ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත්තේ වසර 2009න් පසුවයි. ශ්‍රී ලංකාව වසර 2014 න් පසුව දේශීය කායවර්ධන පරිපාලනයේ දිගින් දිගටම උද්ගතව තිබූ ආරවුල් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් කිසිවකු ඊට එක්වූයේ නැහැ.
වසර පහකට පසුව ලෝක ශූරතා තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වූයේ අමිල රන් පදක්කම දිනාගත් කිලෝ ග්‍රෑම් 65 බර පංතියේ රිදී පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රාජ් කුමරන් හිමි කර ගැනීමට සමත්වීමෙනි.
මෙම ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 24 දෙනකු සහභාගිවූ අතර එහිදී අවසන් වටයට තේරුණු තරගකරුවන් 10 දෙනා අතරට පැමිණෙමින් අමිල හා කුමරන් රන් පදක්කම හා රිදී පදක්කම හිමිකර ගත්තා. මෙවර වසර පහකට පසුව ශ්‍රී ලංකාව ලෝක ශූරතා තරගාවලියට සහභාගිවීමේදී ක්‍රීඩකයන් 10 දෙනකු ඒ සඳහා නිර්දේශ වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ධුරය දැරූ හිටපු ලෝක ශූරතා පදක්කම්ලාභි කායවර්ධන ශූර ප්‍රසන්න පීරිස් වසර 2009 දී කටාරයේදී පැවැති ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා දුන් ක්‍රීඩකයා වීම විශේෂත්වයක්. ඒ කිලෝ ග්‍රෑම් 60 බර පංතියෙනි.
ඩුබායි නුවරදී පැවති ලෝක ශූරතා තරගාවලියට ලෝකයේ විවිධ රටවල ක්‍රීඩකයන් 672 දෙනකු හා නිලධාරින් 262 දෙනකු සහභාගි වූණ.
මෙවර ශ්‍රී ලංකාව ලෝක තරගාවලියේ දී ශාරීරික යෝග්‍යතා ඉසව්ව සඳහා ක්‍රීඩකයන් පස් දෙනකු සහභාගි කළේය. කෙසේ වුවත් කිලෝග්‍රෑම් 65 බර පංතියෙන් හැරෙන්නට ශ්‍රී ලංකාව සහභාගි වූ සෙසු ඉසව්හි අවසන් වටයට වත් පිවිසීමට සමත් වුනේ නැහැ.
මෙවර රන් පදක්කම දිනාගත් වයි.කේ. අමිල මීට පෙර ආසියානු ශූරතා පදක්කම් දිනූ යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙක්.
No comments:
Post a Comment