ගෝඨාගේ කරමතින් එන්න හදන හොරු පාර්ලිමේන්තුව ඇල්ලීමේ සැලැස්ම
මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයින් වැඩිම මුදලක් වැයකර තම මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකල අවස්ථාව ලෙස මෙවර ජනාධිපතිවරණය ඉතිහාසයට එක්වනු ඇති. මඩ දේශපාලනයෙන් පිරුණු සජිත්ගේ වේදිකාවේ පිරී පෝලිමේ සිටින්නේ අන්තවාදීන් හා මෙරට විශාලතම හොරකමක් වූ මහ දවල් සිදුකල මහබැංකු මංකොල්ලයේ චූදිතයන් වීම කැපී පෙනෙනවා. ඒ අලි බබා වටකරගත් හොරු හතලිහ සිහියට නගමින්.
අනෙක් ප්‍රධාන වේදිකාවේ සිටින්නේ රාජපක්ෂ පරපුරෙන් පිට මෙරට ජනාධිපතිවරයෙක් බිහි නොවිය යුතු බව සිතන වන්දිබට්ටයන් හා වහල් මානසිකත්වයෙන් යුත් පිරිස වට කරගත් ගෝඨාබයයි. ඔවුන් හොරා කෑ ධනය ඩීල්වලට හසුවීමෙන් ඔප්පු කරගත නොහැකි වුවත් නිර්දෝශී ශාන්ත දාන්ත නීන්ත කූඩු නොවන බව නම් කිවයුතුමයි. එම හොරු රැල සිය නැතිවූ තත්වය හා යලි හොදම හොරුන් වීමේ යටි අරමුණ වෙනුවෙන් ගෝඨාව ඔසවා සිය කරමතින් වඩම්මවමින් සිටී. මෙය නොතේරෙන වහල් පිරිස ජය ගෝශා නගන්නේ සියතින්ම සිය ගෙල වැලලා ගැනීමේ අනාගත ඉරණම ගැන කිසිදු අදහසක් නොමැතිවයි.
පසුගියදා සජිත් මෙරට ක්‍රීඩාවට සිදුකළ හානිය පෙන්වාදුන් අප ගෝඨා පිලිබද මෙම ඇත්ත නොකීම යුක්තිසහගත නැතිබව පෙනීම හේතුවෙන් මෙම ලිපිය ලිවීම සිදුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු හොර ගුහාවක් බව අමුතුවෙන් කිවයුතු නෑ. එහි සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ වංචා පිලිබද මේ වන විට විමර්ශන කිරීම පාර්ලිමේන්තු කෝප් කමිටුව ආරම්භ කර තිබෙනවා. එවන් වටපිටාවක හොරා ගැන සෙවීමට හොරාවම පත්කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කටයුතු කර ඇත්තේ හිතවතුන් රැකීමේ ප්රතිඵත්තියේ සිට බව පෙනී යනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මෙරට මහ දවල් සිදුවූ මහ බැංකු මංකොල්ලයේ පළමු තොරතුරු අනාවරණය කළ ස්ථානය බව සිහිපත් කළ යුතුයි.
එහි කමිටු සාමාජික චන්ද්‍රසිරි ගජදීර මහතා පසුගියදා අභාවප්‍රාප්ත වුණා. මේ අනුව එම පුරප්පාඩුව සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පත්කිරීමට නම්කර එවා ඇත්තේ හිටපු නියෝජ්‍ය කතානායක හා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලගේ නමයි. ඔහුට විරුද්ධව කෝප් කමිටුවේ පරීක්ෂණ ක්‍රියාත්මක අවස්තාවක මෙලෙස ඔහුවම එහි නඩු ඇසීමට පත්කිරීම විහිලුවක්. ඉන් පෙනී යන්නේ සල්ලි කතාකරන විට හිතවත්කම් මතින් හොරු රැකීමට විපක්ෂ නායකවරයා ගන්නා උත්සාහයයි.
ගෝඨා මතින් දූෂණ චෝදනාවට ලක්ව සිටින තිලංග පමණක් නොව අනෙක් පෝලිමේ වඩින ලිත්රෝ ගෑස් ගහපු හිමියන් පෙරටු කරගත් රැලම හොරු ලේබලය වැදුණු පිරිස බව අමුතුවෙන් කිව යුතු නෑ.
කව්රුන් ජනාධිපති වුවද ලංකාව හොරුන්ගෙන් නිදහස් වන දිනය තවත් ඈත බව පමණක් අවසානයේ සිහිපත් කිරීමට ඇත.

No comments