Monday, November 18, 2019

ගෝඨාගේ මැරයින් එලියට - ITN සේවයක් පිරිසක් දොට්ට ?

ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ දිව්රුම් දීමටත් පෙර රාජපක්ෂ කදවුරේ මැර පාලනය ආරම්භ වී තිබෙනවා. ඒ යටතේ මෙතෙක් දිනක් එක්සත් ජාතික පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ස්වාදීන රූපවාහිනී පාලනාධිකාරිය වෙනස් වී ඇත්තේ සොක්කන් ලොක්කන් බවට පත්වෙමින්. කිසිදා දේශපාලනය සිදු නොකල එහෙත් පසුගිය යහපාලන කාලයේ සේවයට පැමිණි සේවකයන් ඇතුලු ජාතික නිදහස් සේවක සංගමයේ සාමාජිකත්වය ඇති සේවකයන් පිරිසකට දැනුම් දී ඇත්තේ යලි සේවයට නොපැමිනෙන ලෙසයි.
ප්‍රවෘත්ති අංශයේ සේවකයන් 06 දෙනෙකු හා කාලීන සිදුවීම අංශයේ ප්‍රධානියාත් මෙලෙස සේවයට නොපැමිණෙන ලෙස දැනුම් දුන් අය අතර වනවා. ඒ ඔවුන් යහපාලන කාලයේ සේවයට බදවාගෙන තිබීම හේතුවෙනුයි. මෙම නියෝගය ඔව්න්ට ලබාදී ඇත්තේ රාජපක්ෂ පාලන කාලයේ පැත්තකට දමා සිට එහෙත් යහපාලන කාලයේ ඔහුගේ දක්ෂතා දැක්වීමට අවස්තාව ලබාදී සහය නිෂ්පාදකවරයෙක් බවට පත්වූ පුද්ගලයෙක්වීම කැපී පෙනෙනවා. ඔහු බලහත්කාරයෙන් කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියා බවට පත්ව ඇතැයිද සදහන්.
ITN නාලිකා ප්‍රධානියා බවට ඉදිරියේදී මූල්‍ය වංචාවකට චෝදනා ලබා ඉන් ඉවත්කළ එහි හිටපු ප්‍රවෘත්ති නියෝජ්‍ය සාමාණ්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ පත්කරනු ඇතැයි එහි මේ වන විට බලහත්කාරයෙන් බලය අල්ලා සිටින පිරිස පවසනවා. කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියා බවට පත්කිරීමට යන්නේ එහි මෙතෙක් කලක් ප්‍රධානියා වූ රාජ්‍ය හා සුමති සම්මාන දිනා ඇති නිෂ්පාදකවරයා දොට්ට දමමින්.
සෑම කාලයකම දේශපාලන හිතවත්කම් මත හුවමාරු වූ ප්‍රවෘත්ති නියෝජ්‍ය සාමාණ්‍යාධිකාරී තනතුර පසුගිය ජනාධිපතිවරණයේ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට යෙන ඒමේ කථිකයෙක් වූ සහය නිෂ්පාදකවරයෙක්ට ලබාදීමට නියමිත බව වාර්තා වනවා.
ගෝඨා භය මේ ඇරඹුණා පමණයි. ආරම්භය මෙසේ විරුද්ධවාදීන් දඩයම ඉදිරියේදී හොද හොද සෙල්ලම් බලාගත හැකිවනු ඇති.

No comments:

Post a Comment